
සේරුවිල පූජනීය භූමියේ පිහිටි රථගාලක නවතා තිබූ බස් රථයක් තුළදී පාසල් සිසුවියක සමූහ අතවරයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු සේරුනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරහැර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි මූතූර් පොලීසියට අයත් නිලධාරීන් දෙදෙනෙකුට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී සිසුවිය බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ වන විටත් තරුණයින් තිදෙනෙකු විසින් ඇයට අතවර කර තිබුණි.
දුරකථනය ඔස්සේ ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත සිසුවිය රවටා, පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙස දන්වා සේරුවිලට ගෙන්වාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
මුතුර් පොලිසියේ රාජකාරී නියුතු සැරයන් (53388) ජේ.එම්. චන්දුරන්න කොස්තාපල් (104911) ජෙයයිලන් මධුශාන් නැමති පොලිස් නිලධාරින් දෙදෙනා පෙරහැර විශේෂ රාජකාරියේ යෙදී සිටියදී පාසල් සිසුවියකට බිස් රථයක් තුළ තරුණයන් පිරියක් විසින් අනධිරය කරන බවට ලද තොරතුරු අනුව එම ස්ථානයට වහා දිවගොස් ගොස් සියුවිය බේරා ගැනීමට මෙලෙස සමත් වී නිබිණි.
ඒ වන විටන් කියවිය තරුණයන් තිදෙනෙකු අතින් අතවරයට ලක්වී ඇති අතර ඒ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනකු ඇතුළු පස් දෙනා ලබාදුන් තොරතුරු ඔස්සේ එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළහ.
දුරකථනයෙන් ඇති කරහන් ප්‍රේම සම්බන්ධයක් මත තරුණයකු මෙම සිසුවිය රවටා පෙරහැර බැලීමට පැමිණෙන ලෙස දැනුම්දී
මේ අනුව බස් රථයක් තුළදී සමහ අතවරයට ලක් කිරීම සිදුකර ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය විය. සියුවිය මේ වන විට ප්‍රතිකාර සඳහා කන්තයල් රෝහලට ඇතුළත් කර ඇත. සැකකරුවන් මුතුර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් පිරිස මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.