fuel-prices-to-be-revised

සංස්ථාපිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කො) විසින් සැප්තැම්බර් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම මිල සංශෝධනයට අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 392.00 ක් ලෙස සටහන් වේ.




ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 50.00 ක වැඩිවීමක් සිදුව ඇති අතර, එම වර්ගයේ ඩීසල් ලීටරයක නව ගාස්තුව රුපියල් 528.00 දක්වා ඉහළ ගොස් ඇත.

දෛනිකව වැඩි වශයෙන් භාවිත වන ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල ද රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව විකුණුම් මිල රුපියල් 414.00 ක් වේ. කෙසේ වෙතත්, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙසත්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 475.00 ක් ලෙසත් වෙනස් නොවී පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.