fake-story-about-limini-coming-to-anuradhapura-meeting

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවත් කිහිපයක් පදනම් විරහිත සහ අසත්‍ය තොරතුරු මත පදනම් වූ ඒවා බව නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය (Namal Rajapaksa Media) නිල වශයෙන් නිවේදනය කර සිටියි.




"Warunakulasuriya Fernando" නමැති ගිණුමකින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ පුවතක දැක්වුණේ නාමල් රාජපක්ෂ මහතා අසනීප වී ඇති බවත්, ඔහුට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බවත්ය. එමෙන්ම "Ape Media" නමැති ෆේස්බුක් පිටුවක් හරහා සංසරණය වූ තවත් සටහනක සඳහන් වූයේ නාමල් රාජපක්ෂ මහතාගේ අඩුව පුරවාලීම සඳහා ලිමිණි රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු දේශපාලන වේදිකාවට ගොඩවීමට නියමිත බවයි.

තවත් පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුනේ ලිමිණි රාජපක්ෂගේ කේන්දරය හිටපු නායිකාවන් වන සිරිමා බණ්ඩාරනායක හා චන්ද්‍රිකා කුමාරතුංගගේ තරම් බලගතු බවත් ඇයගේ පැමිණීම පෙරළියක් කිරීමට නියමිත බවත්ය.




මෙලෙස ව්‍යාජ ලෙස සකස් කර හුවමාරු වන පුවත් සටහන් රූපරාමු මත "FAKE NEWS" ලෙස සටහන් කරමින්, අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම ගෙතූ අසත්‍ය ප්‍රචාර බව නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් තහවුරු කරයි.

fake-story-about-limini-coming-to-anuradhapura-meeting

fake-story-about-limini-coming-to-anuradhapura-meeting