death-of-aravinda-de-silvas-mother

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ ආදරණීය මෑණියන් වන රාණි ද සිල්වා මහත්මිය අද (14) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 94 වැනි වියෙහි පසුවූවාය.




අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගනිමින් ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු බවට පත්වීමේ ගමන පිටුපස සිටි ප්‍රධානතම ශක්තිමත් පදනම ලෙස සැලකෙන්නේ ඇයයි. කුඩා අවධියේ සිටම ඔහුගේ ක්‍රිකට් හැකියාවන් ඔප්නංවා ගැනීමටත්, 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේදී අසමසම මෙහෙවරක් ඉටුකිරීම දක්වා වූ අරවින්දගේ ක්‍රීඩා දිවිය සාර්ථක කර ගැනීමටත් ඇගෙන් ලැබුණු නොමඳ සහයෝගය සුවිශේෂී විය.

අභාවප්‍රාප්ත රාණි ද සිල්වා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය සහ දිනය ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම්දීමට නියමිතව ඇත.