chamara-sampaths-former-secretary-who-embezzled-81-million-rupees-arrested-for-bribery

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මින් ඉහත ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය දරද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (21) පස්වරු 4.55 ට පමණ සිදුකළ විශේෂ විමර්ශනයකදීය.




ලංකා පොස්පේට් සමාගම හරහා නියමිත පටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු යොදා දීම සහ ඊට අදාළ අපනයන බලපත්‍ර ලබාගැනීමට අනුබල දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීම මොහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

අත්අඩංගුවට ගන්නා ලද අදාළ සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.