12 pm
එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
11 am
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාළව දැනට සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට අදාළ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
සඳහන් පරීක්ෂණවලට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලබන කරුණු විමසීම් සඳහා ප්‍රකාශයක් ලබාදීමේ අරමුණින් ඔහු මෙලෙස එම කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණ ඇත.
කුප්‍රකට එයාර් බස් ගනුදෙනුව චමල් රාජපක්ෂගේ නිවසේදී සිදුව ඇති අතර මේ සම්බන්ධ දැනට සොයන චමල්ගේ බාල පුතු ශමීන්ද්‍ර අතුරුදන්ව සිටී.