the-shooting-at-the-kollupitiya-apartment-this-morning-was-a-casual-incident

කොල්ලුපිටිය 6 වන පටුමගේ පිහිටි පාම් කෝට් මහල් නිවාස සංකීර්ණයේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු ගිනි අවි කිහිපයක්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු වන 51 හැවිරිදි මෙම අවිවාහක සැකකරු විසින් වෙඩි තැබීම සඳහා යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන ජීව උණ්ඩ දෙකක් සහ වායු රයිෆල් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති යුවළ කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සිද්ධියෙන් පසු වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ කාන්තාව සහ සැකකරු අතර කාලයක සිට පැවති සමීප සබඳතාවයක් මෙම සිදුවීමට මුල් වී ඇති බවයි.

පෙරේදා රාත්‍රියේදී තුවාල ලැබූ කාන්තාව විසින් වෙනත් තරුණියක සැකකරුගේ නිවස වෙත කැඳවාගෙන විත් ලබාදී ඇති බවටද තොරතුරු හෙළිදරව් වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කළේ සිද්ධියට හේතුවූ පසුබිම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.

කොල්ලුපිටිය පොලිසිය මගින් සිදුකරන වැඩිදුර විමර්ශන සඳහා අදාළ නිවාස සංකීර්ණයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා (CCTV) දර්ශනද පරීක්ෂාවට ලක් කරමින් පවතී.