the-parcel-sent-from-the-kuriyakara-country-contained-five-million-kush

විදේශයක සිට පෞද්ගලික කුරියර් සේවාවක් ඔස්සේ මෙරටට ගෙන්වන ලද, රුපියල් කෝටි පහකට වඩා වටිනාකමකින් යුත් කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් සොයාගෙන තිබේ. මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකරුවකුගෙන් ලත් තොරතුරකට අනුවය.




ඉකුත් 19 වන දින මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියදී, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය 22 වන දින රේගු නිලධාරීන්ගේ ද සහාය ඇතිව රේගු භාරයේ පැවැති පාර්සල් පරීක්ෂා කර ඇති අතර, එහි සඟවා තිබූ අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.




එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 599ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 409ක් ඇතුළත් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.