we-broke-away-from-the-opposition-to-the-sajb-to-preserve-our-self-respect---pohottuwa

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තු සංකීර්ණය අසල සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට සැලසුම් කර තිබුණ ද, ඊට වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හවුල් නොවිය යුතු බවට සමගි ජන බලවේගය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.




අද පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, සමගි ජන බලවේගය කළ එම ප්‍රකාශයෙන් අනතුරුව තමන්ගේ ආත්මගරුත්වය සුරකිමින් අදාළ විරෝධතාව පැවැති ස්ථානයට ගොස් ඊට සහභාගී වීමේ හැකියාවක් තම පක්ෂයට නොතිබූ බවයි.

එමෙන්ම මෙම විරෝධතාව යම් එක් දේශපාලන පක්ෂයකට පමණක් සීමා වූවක් නොවිය යුතු බවත්, එය සමස්ත රටම නියෝජනය කරන පොදු විරෝධතාවක් බවට පත්විය යුතුව තිබූ එකක් බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.