aeroflot-launches-direct-flights-between-moscow-and-colombo

එළඹෙන ශීත ඍතුව වෙනුවෙන් මොස්කව් සහ කොළඹ අතර සෘජු ගුවන් සේවාවන් නැවත ආරම්භ කිරීමට රුසියාවේ ජාතික ගුවන් සේවය වන ඇරෝෆ්ලොට් ආයතනය තීරණය කර ඇත. ලබන ඔක්තෝබර් 03 වනදා සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ මුල් අදියරේදී සතියකට ගුවන් වාර දෙකක් බැගින් මෙහෙයවනු ලබයි.

ඉදිරියේදී මෙම ගුවන් වාර සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ධජගාරියන් මහතා පවසයි.




මෙම ගුවන් ගමන් යළි ඇරඹීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන රුසියානු සංචාරකයින්ට මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රයටද විශාල පහසුවක් හිමිවනු ඇත. වැඩි රුසියානු සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමේ අරමුණින් අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සංචාරකයින්ගේ පැමිණීමේ පැවැති අඩුවීම පදනම් කරගනිමින් පසුගිය මැයි 17 වනදා සිට මෙම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. සාමාන්‍යයෙන් ගිම්හාන කාලසීමාව තුළ රුසියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම වෙළඳපොළක් ලෙස රුසියාව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රුසියානු සංචාරකයින්ගේ පැමිණීම පැවැතියේ සාපේක්ෂව මන්දගාමී මට්ටමකය.

aeroflot-launches-direct-flights-between-moscow-and-colombo

aeroflot-launches-direct-flights-between-moscow-and-colombo