a-prayer-service-for-namal-in-seenigama

දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට හිමි විය යුතු නීතිමය සාධාරණත්වය ඉටු කරන ලෙස ඉල්ලමින් සීනිගම ඓතිහාසික දෙවොල් දේවාලයේදී පසුගිය 20 වැනිදා විශේෂ දේව කන්නලව්වක් පවත්වනු ලැබීය. එහිදී නාමල් රාජපක්ෂ මහතා සිරගත කිරීම සඳහා යම් දේශපාලන බලවේගයක් අයුතු ලෙස බලපෑම් කරන්නේ නම් එම කුමන්ත්‍රණ හා බලපෑම් සුන්නද්ධූලි කර දමන ලෙස දෙවියන්ගෙන් අයැද සිටින ලදී.




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ මැදිහත්වීම මත හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබුණි.

අහංගම එස්. දීයගහගේ සහ ගාල්ල ගැමුණු චන්ද්‍රලාල් යන වාර්තාකරුවන් සඳහන් කරන පරිදි, මෙම දේව කන්නලව්ව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක තිසර ගුණසිංහ, කරන්දෙණිය සංවිධායක නිමල බන්දු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි යන මහත්වරුන් ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් පිරිසක් එක්ව සිටියහ.

a-prayer-service-for-namal-in-seenigama