6-people-including-a-young-child-die-in-bangladesh-hospital-fire

බංග්ලාදේශයේ මයිමෙන්සිං වෛද්‍ය විද්‍යාල රෝහලේ (MMCH) අලුතින් ඉදිකරන ලද අටමහල් ගොඩනැගිල්ලේ 2026 සැප්තැම්බර් 14 වන සඳුදා පස්වරුවේ හදිසි ගිනිගැනීමක් සිදුව තිබේ. ගින්න පැයකට ආසන්න කාලයකදී පාලනය කිරීමට ගිනි නිවන හමුදාව සමත් වූවත්, ඒ සමඟ ඇති වූ භීතිය නිසා හටගත් කලබලකාරී තත්ත්වය හමුවේ සිදුවූ තෙරපීමෙන් වසරක් පමණ වයසැති නොහඳුනන දරුවෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙම සිදුවීමෙන් තවත් විසිදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

ගින්න හටගත් අවස්ථාවේදී පටු පඩිපෙළවල් ඔස්සේ ගොඩනැගිල්ලෙන් පිටවීමට උත්සාහ කිරීමේදී මෙම ඛේදනීය තත්ත්වය නිර්මාණය වී ඇත. වාර්තාවලට අනුව ගොඩනැගිල්ලේ තිබූ පඩිපෙළ පහෙන් හතරක්ම වසා අගුළු දමා තිබූ අතර, විවෘතව පැවත ඇත්තේ එක් පටු මාර්ගයක් පමණි. පැවැති අධික තදබදය හමුවේ රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ ඥාතීන් එකවර පලා යාමට උත්සාහ කිරීමේදී පිරිස ඇදවැටී පාගා දැමීමට ලක්වීමෙන් මෙම මරණ සිදුව ඇති අතර, කිසිදු අයෙකු පිළිස්සුම් තුවාල හෝ දුමාරය ආග්‍රහණය වීමෙන් මියගොස් නොමැත.

පස්වරු 5:45 ත් 6:00 ත් අතර කාලයේදී ලෙෆ්ට් (Elevator) පාලන මැදිරිය ආශ්‍රිතව මෙම ගින්න ආරම්භ වී ඇති අතර, අධික ඝන දුමාරය විදුලි සූත්‍ර ඡේදය ඔස්සේ අටවන මහල දක්වා ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. මෙයින් දැඩි සත්කාර ඒකක (ICU), ඒකාබද්ධ සත්කාර ඒකක (CCU) සහ ළමා වාට්ටු ඇතුළු අංශ රැසකට දැඩි බාධා එල්ල විය. මයිමෙන්සිං සදර් සහ බංග්ලාදේශ කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයීය ගිනි නිවන ඒකක එක්ව පස්වරු 7:30 වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළේය.

කාලයක් තිස්සේ ක්‍රියා විරහිතව පැවති විදුලි සූත්‍ර පාලන මැදිරියේ එකතු වී තිබූ කුණු කසළ සහ විදුලි කෙටි පරිපථයක් හෝ දල්වා විසිකරන ලද සිගරට් කොටයක් ගින්නට හේතුවන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර, සිද්ධිය වූ ස්ථානය ප්‍රාදේශීය මහජන නියෝජිතයින් සහ පොලිස් ඉහළ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම ඛේදවාචකයෙන් මියගොස් ඇත්තේ නෙත්‍රෝකොනා හි හජේරා බේගම් (50), ඵුල්බාරියා හි ෂාජහාන් (40), රම්සාන් (38), ජහනාරා (50), තාරාකන්ඩා හි කුල්සුමා (35) සහ හඳුනානොගත් අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවෙකි. 2026 වසර තුළ මෙම රෝහලේ ගිනිගැනීමක් සිදු වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2026 ජනවාරි 17 වන දිනද මෙම ගොඩනැගිල්ලේම හයවන මහලේ ළමා වාට්ටුවේ ගබඩා කාමරයක ගින්නක් හටගෙන තිබුණි.