samanera-thera-dies

උඩුදුම්බර, කයිකාවල ප්‍රදේශයේ පිහිටි හීන් ගඟේ දිය නෑමට ගිය 11 හැවිරිදි සාමණේර හිමිනමක් දිය ගිලීමෙන් අපවත් වී ඇති බව පොලීසිය පවසයි. සැප්තැම්බර් 13 වන දින සිදුවූ මෙම සිදුවීමට අදාළව ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව උඩුදුම්බර පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.




මෙලෙස අපවත් වී ඇත්තේ මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ විසූ සාමණේර හිමිනමකි. උන්වහන්සේ උඩුදුම්බර ප්‍රදේශයේ පැවැති දානමය පින්කම් කටයුත්තකට සහභාගි වීම සඳහා මෙලෙස පැමිණ ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇත.

දානමය කටයුතුවලින් අනතුරුව තවත් හිමිවරුන් කිහිපනමක් සමඟ හීන් ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම කුඩා සාමණේර හිමිනම අවාසනාවන්ත ලෙස දියට ගිලී ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

11-year-old-novice-monk-dies-by-drowning