ratna-shri-returns-to-work

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ කටයුතු නැවත භාරගත් බව ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.




එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඉකුත් බ්‍රහස්පතින්දා (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, රජය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් නැවතත් තනතුරේ කටයුතු කිරීමට තමන් තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.

තව ටික කාලයක් හෝ සේවයේ රැඳී සිටිමින් වැඩ කටයුතු කරගෙන යන ලෙස රජයෙන් ඉල්ලීම් ලැබුණු බව පැවසූ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා, ඒ අනුව පවතින අපහසුතාවන් දරාගනිමින් තනතුරේ රාජකාරි ඉදිරියටත් කරගෙන යන බව වැඩිදුරටත් පැහැදිලි කර සිටියේය.