according-to-nanda-malanis-last-will-there-is-no-funeral

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) රාත්‍රියේ නන්දා මාලනී සංගීත ආශ්‍රමය වෙත පැමිණියේය. ඊට පෙර අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියද එහි ගොස් තිබුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරු 05.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්වෙන අතර නන්දා මාලනියගේ අවසන් කැමැත්ත පරිදි කිසිදු අවමංගල සභාවක් පැවැත්වෙන්නේ නැති අතර ඉතාම චාම්, සරල ආකාරයට එම කටයුතු සිදුකිරීමට නියමිතයි.

අවමංගල්‍ය කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා,

“ඇගේ අන්තිම කැමැත්ත අනුව මියගිය පසු දේහය ඇය පදිංචිවෙලා සිටි තැනින් වෙනත් තැනකට ගෙනගොස් නොතබන ලෙස ඉල්ලා තිබුණා. ඉතා චාම් විදිහට මේ කටයුතු කරන ලෙසත් දන්වා තිබුණා. මොනම විදිහකවත් උත්සවයක් ශෝක ප්‍රකාශ කියවීමක් නොකරන ලෙස ඉල්ලා තිබුණා.

සෙනසුරාදාා උදේ 10ට පාංශුකූල කටයුතු සිදුකෙරෙනවා. ඒ වෙලාවේ පැයක විතර කාලයක් මහජන ගෞරවය සඳහා පිරිසට සහභාගී වෙන්න අවස්ථාවක් නැති වෙයි. පසුව නැවත සවස 3:30 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලැබෙනවා. සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කරනවා. එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු කෙරෙනවා. එතනදී දේහය යළි විවෘත කිරීමක් හෝ උත්සව සභාවක් සිදුවෙන්නේ නැහැ.”

ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් විශාල ජනකායක් ඇයගේ සංගීත ආශ්‍රමය වෙත පැමිණෙමින් සිටින අතර දේහය රැගත් රිය පෙරහැර පස්වරු 03.00ට නිවසින් පිටත් වීමට නියමිතයි.