a-12-year-old-boy-died-after-falling-into-the-swimming-pool-at-the-top-of-the-dematagoda-apartment

කොළඹ 09 දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි මහල් 14 කින් යුත් නිවාස සංකීර්ණයකින් පහළට ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ. අගෝස්තු 16 වනදා පස්වරුවේ සිදුවූ මෙම අනතුර පිළිබඳව මරදාන පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබී ඇත.




මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අදාළ දරුවා තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ ගොඩනැගිල්ලේ ඉහළම මහලේ පිහිටි නාන තටාකය අසල සිට පරිසරයේ සිරිය නරඹමින් සිට ඇති බවයි. එම අවස්ථාවේදී අදාළ මහලේ පිහිටි ආවරණය නොවූ විවෘත කොටසකින් දරුවා හදිසියේම බිමට ඇදවැටී තිබේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි. අනතුර සිදු වූ ආකාරය සහ ඒ හා සබැඳි කරුණු සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

a-12-year-old-boy-died-after-falling-into-the-swimming-pool-at-the-top-of-the-dematagoda-apartment