14-lamborghinis-sent-to-dubai-have-arrived-in-colombo-from-italy

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හමුවේ ඉතාලියේ සිට නැව්ගත කරන ලද සුඛෝපභෝගී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ 14ක් ශ්‍රී ලංකාව හරහා විකල්ප ප්‍රවාහන මාර්ගයකට යොමු කර තිබේ. මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ගෙන එන ලද මෙම මෝටර් රථ, ඉන් අනතුරුව අඩි 40 ප්‍රමාණයේ කන්ටේනර් හතක අසුරා ගොඩබිම් මාර්ගයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙන එන ලද අධිවටිනාකමකින් යුත් වාහන තොගය, ඉදිරියේදී ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත යැවීමට නියමිතය.