
ශ්‍රී ලාංකීය රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන 31 වන සුමති සම්මාන රාත්‍රිය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. වසර ගණනාවක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මෙම සම්මාන උළෙල මෙවරද 2025 වසරේ විකාශය වූ විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් සම්මානයන් රැසක් පිරිනමමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නවකයන් රැසකගේ සහභාගිත්වයෙන් වර්ණවත් විය.
මෙවර අකිල ධනුද්ධර හා දුෂේනි මියුරංගි ජනප්‍රියම නළු නිළි දෙපළ ලෙසත්, සෞම්‍ය ලියනගේ හා තරින්දි ප්‍රනාන්දු හොඳම ටෙලි නාට්‍ය නළු නිළි යුවළ ලෙසත් අභිෂේක ලද අතර 'රට පවුල' ටෙලි නාට්‍යය වසරේ හොඳම ප්‍රසාංගික ටෙලි නාට්‍ය ලෙසත් අභිෂේක ලැබීය. සම්පූර්ණ ජයග්‍රහණ ලැයිස්තුව පහතින්
| සම්මාන කාණ්ඩය | සම්මාන දිනූ පාර්ශවය / නම |
| කුසලතා සම්මානය (රංගනය) | මංචනා පලිහවඩන ('ද ලේක්' ටෙලිනාට්යය) |
| කුසලතා සම්මානය (ගීත රචනය) | තුෂාන් බුලුමුල්ල ('අමුතු දිගේ' ටෙලිනාට්යය) |
| වසරේ හොඳම ළමා තාරකාව | සහේලී ('බඹරෙක් ඇවිත්' ටෙලිනාට්යය) |
| නැගී එන ටෙලිනාට්ය නළුවා | චතුරංග කොඩිතුවක්කු ('වීදුරු තිර' ටෙලිනාට්යය) |
| නැගී එන ටෙලිනාට්ය නිළිය | වීනු පෙරේරා ('බඹරෙක් ඇවිත්' ටෙලිනාට්යය) |
| හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන | 'සේව් ද ලෙපර්ඩ්' වැඩසටහන (අධ්‍යක්ෂණය: කසුන් උදයංග ආරච්චි) |
| හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන | 'ජාන' වැඩසටහන (අධ්‍යක්ෂණය: චින්තක ගම්ලත්) |
| හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන | 'රි බිල්ඩ් ශ්‍රї ලංකා' වැඩසටහන (අධ්‍යක්ෂණය: රුක්මල් මල්ලව) |
| හොඳම රූපවාහිනී පූරක | නර්මදා ජයමහ ('සංචාරය' වැඩසටහන) |
| හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන | 'සංචාරයේ' වැඩසටහන (අධ්‍යක්ෂණය: සුරේෂ් ද අල්විස්) |
| හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන | 'ස්පෝර්ට්ස්' වැඩසටහන (අධ්‍යක්ෂණය: ලිලාන් රුවන්වැල්ල) |
| හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන | 'ජීවිතයට විද්‍යාව' වැඩසටහන (අධ්‍යක්ෂණය: කේ සී සාරංග) |
| හොඳම රූපවාහිනී ළමා වැඩසටහන | 'හපන් පැදුර' වැඩසටහන (අධ්‍යක්ෂණය: තරිඳු අනූපම) |
| හොඳම රූපවාහිනි ග්‍රාෆික සජීවීකරණය | 'හිරු නත්තල්' වැඩසටහන (හිරු ටීවී පසු නිෂ්පාදන අංශය) |
| ජූරියේ විශේෂ සම්මානය | ජ්‍යෙෂ්ඨ රංගවේදිනී නෙතලි නානායක්කාර මහත්මිය |
| වසරේ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන | ප්‍රථම ස්ථානය: 'හිරු ස්ටාර්' වැඩසටහන දෙවන ස්ථානය: 'ටීන් ස්ටාර්' තෙවන ස්ථානය: 'ජීවිතයට කෝටියක්' |
| ජනප්‍රියතම ටෙලිනාට්ය නළුවා | ප්‍රථම ස්ථානය: අකිල ධනුද්දර දෙවන ස්ථානය: චතුරංග කොඩිතුවක්කු තෙවන ස්ථානය: විරාජ් පෙරේරා |
| ජනප්‍රියතම ටෙලිනාට්ය නිළිය | ප්‍රථම ස්ථානය: දුෂේනි මියුරංගි දෙවන ස්ථානය: අමන්දි චාමිනි තෙවන ස්ථානය: දිනිති වල්ගමගේ |
| වසරේ ජනප්‍රියතම ටෙලිනාට්ය | ප්‍රථම ස්ථානය: 'පාට කුරුල්ලෝ' ටෙලිනාට්යය දෙවන ස්ථානය: 'පත්ති ගෙදර' තෙවන ස්ථානය: 'රොන් සොයා' |
| හොඳම රූපවාහිනී වෙළඳ දැන්වීම | 'ෆෙල්ට් ඕ හවුස්' වෙළඳ දැන්වීම (ඩී සොයිසා ග්‍රාන්ට් ප්‍රයිවට් ලිමිටඩ්) |
| හොඳම ඩිජිටල් වෙළඳ දැන්වීම | 'Shadow Art Father's Day' ඩිජිටල් වීඩියෝව (ජෝසා ලංකා ප්‍රයිවට් ලිමිටඩ්) |
| ඩිජිටල් මාධ්‍ය අංශයේ අධ්‍යාපනික වැඩසටහන් කාණ්ඩය | 'සීතලයි තලා' වැඩසටහන (ෂෙනාල් ජයසේකර) |
| ඩිජිටල් මාධ්‍ය අංශයේ විනෝදාත්මක කාණ්ඩය | හාස්‍යමය වැඩසටහන (රංග ජයකොඩි සහ චමල් රත්නායක) |
| සංස්කෘතික හා උරුමයන් පිළිබඳ හොඳම ඩිජිටල් නිර්මාණය | කඳසුරිඳු වෙනුවෙන් කළ නිර්මාණය (ඉෂාන් ආරච්චිගේ) |
| ජාතික අවශ්‍යතා සහ සමාජ සත්කාරක අංශය | ලහිරු මුදලිගේ ('හරි ටීවී') |
| ඩිජිටල් අංශයේ හොඳම කාලීන වැඩසටහන | චමුදිත සමරවික්රම ඉදිරිපත් කරන වැඩසටහන |
| ලයිෆ්ස්ටයිල් ඇන්ඩ් ෆැෂන් අංශය | විමුක්ති කරුණාරත්න ('Pulse' වෙනුවෙන්) |
| ඩිජිටල් අංශයේ විශේෂ කුසලතා සම්මානය | 'ලංකාවේ ලස්සනම ඉස්කෝලෙ' වැඩසටහන (සිරස ටීවී ඩිජිටල් අංශය) |
| හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව | පාරින්ද්‍යා ගුණසේකර (ටීවී දෙරණ) |
| හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක | සනෝජ් මුතුමල් ප්‍රනාන්දු (සිරස ටීවී) |
| හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය | ප්‍රථම ස්ථානය: අශිකා අරූස් සහ උදේ ශාන්ත ඉඩමේගෙදර ('ඇතුවත් බැරි නැතුවත් බැරි ජංගම දුරකථනය') දෙවන ස්ථානය: දිනේෂ් රන්සිරි සහ යුවරාජ් අතුකෝරල ('මුහුදු මගින් මත්ද්‍රව්ය ප්‍රවාහනය') |
| වසරේ දේශපාලන වැඩසටහන | '360' වැඩසටහන (කසුන් තිවංක සමරසේකර) |
| හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය | ප්‍රථම ස්ථානය: ලක්මිණි රණසිංහ සහ සාරංග පතිරණ ('ඒ අයි තාක්ෂණයෙන් මිනිස් ජීවිතය අඩපණ වෙයිද?') දෙවන ස්ථානය: රවිඳු විජේසිංහ සහ යුවරාජ් අතුකෝරාල ('විශ්වවිද්‍යාලවල නවක වදය') |
| වසරේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය | හිරු ටීවී ප්‍රවෘත්ති අංශය |
| හොඳම ටෙලිනාට්ය ගීත රචනය | තරංගා දිසානායක ('ඉර ගිනි මද්දහන' ටෙලිනාට්යයේ 'ඉරත් ගිනිගෙන' ගීතය) |
| හොඳම ටෙලිනාට්ය ගායනය | සෙව්මිණි රූපසිංහ ('ඉර ගිනි මද්දහන' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය අංගරචනය | බුවනෙක රණවක ('බඹරෙක් ඇවිත්' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය කලා අධ්‍යක්ෂණය | සරත්චන්ද්‍ර ජයවීර ('බඹරෙක් ඇවිත්' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය සංස්කරණය | නාමල් සමරතුංග ('ද ලේක්' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය කැමරා අධ්‍යක්ෂණය | චින්තක සෝමකීර්ති ('ද ලේක්' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය සංගීත අධ්‍යක්ෂණය | සමන්ත පෙරේරා ('සසංඛාරා' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලි චිත්‍රපටය | 'ආවේශය' ටෙලි චිත්‍රපටය (අධ්‍යක්ෂණය: කේ. පී. අතුල පීරිස්) |
| ඩබ්ලිව්. සුමතිපාල සහ මිලිනා සුමතිපාල අනුස්මරණ සම්මානය | 1. ප්‍රවීණ චරිතාංග රංගවේදිනී සුවිනීතා වීරසිංහ මහත්මිය 2. ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි මහතා |
| හොඳම ටෙලිනාට්ය සහාය නළුවා | වසන්ත මොරගොඩ ('සසංඛාරා' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය සහාය නිළිය | චම්පා ශ්‍රියානි ('සසංඛාරා' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය නළුවා | සෞම්‍ය ලියනගේ ('ද ලේක්' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය නිළිය | තරින්දි ප්‍රනාන්දු ('ඉර ගිනි මද්දහන' ටෙලිනාට්යය) |
| වසරේ හොඳම ටෙලිනාට්ය තිර රචනය | කෞශල්‍ය පතිරණ ('රට පවුල' ටෙලිනාට්යය) |
| හොඳම ටෙලිනාට්ය අධ්‍යක්ෂණය | හසුන් සමීර ('රට පවුල' ටෙලිනාට්යය) |
| 2025 වසරේ හොඳම ප්‍රාසාංගික ටෙලිනාට්යය | 'රට පවුල' ටෙලිනාට්යය (නිෂ්පාදනය: එස්. රමේෂ්) |