වර්ෂ 1936 ජූලි 03 වන දින ආරම්භ කරන ලද දෙහිවල ජාතික සත්වෝද්‍යානය, 2026 වර්ෂයේ ජුලි මස 03 දින සැමැරූ සිය අභිමානවත් 90 වන සංවත්සරයට සමගාමිව සත්ත්ව ලෝලීන්ගේ ආකර්ෂණයක් මෙන්ම ආදරයක් දිනාගත් දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලද සිංහ පැටවුන් දෙදෙනාට ලබාදුන් නම් අතුරින් “සෝරා (Zora) (ගැහැනු සතා) හා කයිරෝ (calro) - ( පිරිමි සතා) ” ලෙස තෝරාගත් නම් ප්‍රසිද්ධියට පත්කර එම නම් යෝජනා කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම නවසීලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසැක් මහත්මිය අතින් සිදු කෙරුණි. මෙහිදී පැවති චාම් උත්සවයෙන් අනතුරුව සිංහ පැටවුන් සිය මව් සමග සිංහ දූපතට නිදහස් කරනු ලැබීමෙන් පසු ප්‍රථමවරට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරිණි.
මෙම අවස්ථාවට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශුවෛද්‍ය චන්දන රාජපක්ෂ, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එච්. එම්. බී. පී. හේරත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී, අධ්‍යක්ෂ පාලන ජනක තුෂාර බාලසූරිය, අධ්‍යක්ෂ සත්ව සෞඛ්‍ය හා පෝෂණ වෛද්‍ය ධම්මිකා දසනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ (දෙහිවල) හේමන්ත සමරසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ සංරක්ෂණ නීති හා ජාත්‍යන්තර සබඳතා ඒ.එම්.එන්. ඩී.බී. අබේසිංහ, අධ්‍යක්ෂ සංචාරක ප්‍රවර්ධන හා මහජන සබඳතා දිනූෂිකා මානවඩු, සහකාර අධ්‍යක්ෂ (දෙහිවල) පියූෂියා සමන්මලී යන නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.
ඉකුත් දෙසැම්බර් මස දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනාගෙන් ගැහැනු සතා ට සෝරා Zora ලෙස මිනුවන්ගොඩ, යෙරූෂා මානවඩු සහ - පිරිමි සතාට කයිරෝ Cairo ලෙස -දෙහිවල, ඈන් ජයග්‍රාහිකාවන් නම් තැබීම ට්‍රිෂා සිදුකර තිබුණි.