it-will-not-be-easy-to-put-me-in-jail---namal

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තමන්ව බන්ධනාගාරගත කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත්, යම් හෙයකින් එවැන්නක් සිදු වුවද පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බවත්ය.




පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ පුහුණු වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි ගම් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා පක්ෂ සංවිධාන ජාලය මේ වන විටත් ශක්තිමත් කර ඇති බවයි.

තමන් සිරගත කළද පක්ෂයේ කටයුතු අඩපණ නොවන බව පෙන්වා දුන් ඔහු, ශාඛා සමිති සහ බල මණ්ඩල පිහිටුවීම, කොට්ඨාස මට්ටමේ කටයුතු මෙහෙයවීම මෙන්ම ආසන සහ දිස්ත්‍රික් රැස්වීම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි සැලසුම් සකස් කර ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,




“මාව හිරේ දාන එක නම් ලේසි නෑ.දැම්මත් ප්‍රශ්නයක් නෑ. අපි පැහැදිලිව සැලැස්මක් හදලා තියෙනවා ශාඛා සමිති බල මණ්ඩල හදන විදිහ. වැඩපිළිවෙලක් හදලා තියෙනවා ගම් මට්ටමින් කොට්ඨාස වැඩ ටික කොහොමද කරන්න ඕනේ කියලා.ආසන බල මණ්ඩල කොහොමද කැඳවන්න ඕනේ කියලා.දිස්ත්‍රික් රැස්වීම් කොහොමද කරන්න ඕනේ කියලා.”