hot-weather-advisory-issued-for-six-districts

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන් ඇතුලු සියලු පාර්ශවයන්ට දැනුම් දෙයි.




ඒ, ඉදිරි එල් නිනෝ පුරෝකතන හේතුවෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. පී. එස්. ඩී. හේරත් පැවසුවේ ජලාශ 80 ක මේ වන විට 48% ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි.




මුලතිව්, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.



ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.