grandmother-and-12-year-old-grandson-killed-in-payagala-bus-three-wheeler-accident

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12 ට පමණ පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව තිබේ. පයාගල පොලිසිය විසින් විමර්ශන සිදුකරන මෙම අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලක මිත්තණියක සහ ඇයගේ මුණුපුරා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ඛේදනීය සිදුවීමෙන් මියගොස් ඇත්තේ කළුතර, දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකි. ඔවුන් බේරුවල ප්‍රදේශයේ පැවැති පොසොන් සිරි නැරඹීම සඳහා ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මිත්තණිය සහ මුණුපුරා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය කළුතර කටුකුරුන්ද ප්‍රධාන බස් නැවතුම්පොළේ නවත්වා නැවත ඉදිරියට ගමන් ආරම්භ කරනවාත් සමඟම, ඉදිරිපසින් පැමිණි ත්‍රිරෝද රථය පෙරළී ගොස් බස් රථයේ ඉදිරිපස ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය පදවා ඇත්තේ මියගිය දරුවාගේ සීයා විසින් වන අතර, බරපතළ තුවාල ලැබූ ඔහු ද මේ වන විට කළුතර රෝහලේ ප්‍රතිකාර ලබයි. ත්‍රිරෝද රථයේ ගමන් ගත් අනෙක් කාන්තාවට සිදුව ඇත්තේ සුළු තුවාල පමණි.

මෙම බිහිසුණු අනතුර සිදුවන ආකාරය බස් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක පැහැදිලිව සටහන්ව තිබේ. මේ අතර, අනතුර සිදුවීමෙන් පසු ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය උපයෝගී කරගනිමින් බස් රථයේ සිටි මගියෙකු විසින් රියදුරාගේ වාහන බලපත්‍ර ඇතුළු ලේඛන සහිත බෑගය සොරකම් කර ඇති බව ද අනාවරණය වී ඇත. එම සොරකම සිදුවන ආකාරය ද බස් රථය තුළ සවිකර තිබූ ආරක්ෂිත සී.සී.ටී.වී. (CCTV) කැමරාවල සටහන්ව තිබේ.