a-person-was-killed-in-a-shooting-at-wattala-church

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (23) රාත්‍රී කාලයේදී සිදු වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




මට්ටක්කුලිය පාලම නොහොත් කදිරාන පාලම ආසන්නයේ පිහිටි අදාළ උත්සව ශාලාව වෙත මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු පැමිණි බවට සැකකෙරෙන අදාළ මෝටර් රථය ජාඇල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයා ගැනීමට පසුව පොලිසිය සමත් වී ඇත.

මූලික පරීක්ෂණවලට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

a-person-was-killed-in-a-shooting-at-wattala-church



a-person-was-killed-in-a-shooting-at-wattala-church



a-person-was-killed-in-a-shooting-at-wattala-church