මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත්දා ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (07) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බන්ධනාගාර නිලධාරියා පිළිබඳ තොරතුරු, එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය විසින් ද නිල වශයෙන් තහවුරු කර ඇත.
ඒ අනුව, ඊයේ (06) දිනයේදී බන්ධනාගාරය තුළ හටගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ යයි. මෙම ඛේදවාචකයෙන් මේ වන විට මියගොස් ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ඉන් 19 දෙනෙකුම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් බව වාර්තා වේ.