passport-issuance-has-decreased-by-34878

මේ වසරේ පළමු කාර්තුවේදී ගුවන් ගමන් බලපත්‍ර හෙවත් පාස් ස්පෝර්ට් නිකුත් කිරීම පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩුවීමක් වාර්තා වන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි. මෙහිදී ජනවාරි මාසයේදී 65,351ක්, පෙබරවාරියේදී 54,161ක් සහ මාර්තුවේදී 50,356ක් ලෙස මෙම ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව කාර්තුව තුළ නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 169,868 කි.




කෙසේ වෙතත් 2025 ජනවාරි සිට මාර්තු දක්වා පිළිවෙලින් ගුවන් ගමන් බලපත් 53,216ක්, 74,402 ක් සහ 77,128ක් ලෙස නිකුත් කර ඇති සමස්ත ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 204,746 කි. ඒ අනුව මෙය ගුවන් ගමන් බලපත්‍ර 34,878 කින් අඩුවීමකි. මෙහිදී ජනවාරි මාසය හැර පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙම නිකුත් කිරීම් කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ. විශේෂයෙන්ම පෙබරවාරි මාසය අගදී ඇති වූ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් හටගත් අස්ථාවරත්වයත් සමගින් විදේශගතවීම් මන්දෝත්සාහී වීම මෙලෙස ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම් පහළ වැටී තිබෙන බව සඳහන් වෙයි. එසේම 2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසුව ආර්ථිකය ක්‍රමයෙන් යථාවත්විමත් සමගින්ම රටින් පිටවීම් අඩුවීමත් ‍ සඳහා හේතූ වී තිබෙන බව අදහස වී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර්ද දක්වා ගුවන් ගමන් බලපත්‍ර 609,446ක් නිකුත් කර තිබේ. ආසන්න කාලසීමාවේදී වැඩිම ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කළ වසර ලෙස 2022 සහ 2023 සැලකෙයි. එම වසරවලදී පිළිවෙලින් ගුවන් ගමන් බලපත්‍ර 911,757ක් සහ 908,722 ක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් 2024 වසරේදී එය 586,970ක් දක්වා අඩු විය.