angola-katha-who-came-to-katunayake-in-a-wheelchair-after-being-swallowed-by-a-hook-was-arrested

රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුළි ලෙස සකස් කර ශරීරගත කරගෙන මෙරටට පැමිණි අප්‍රිකානු ජාතික කාන්තාවක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 17 වැනිදා රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇංගෝලා රාජ්‍යයේ පදිංචි 54 හැවිරිදි ගුරුවරියකි.

පරීක්ෂණ පවත්වන නිලධාරීන් හමුවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් එච්.අයි.වී. (HIV) ආසාදිත තැනැත්තියක වන බවයි.




අධික තරබාරු සිරුරකින් යුත් මෙම සැකකාරිය, රෝද පුටුවක ආධාරයෙන් කටුනායක ගුවන්තොටුපොළ පරීක්ෂණ මඟහැර පිටතට යාමට උත්සාහ කර ඇත. කොකේන් අඩංගු කරල් 50කට ආසන්න ප්‍රමාණයක් ගිල දමමින් ඇංගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර වෙත පැමිණ ඇති ඇය, පසුව කටාර් රාජ්‍යයේ දෝහා නගරයට ළඟා වී තිබේ. අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. - 654 දරන ගුවන් යානයෙන් එදින පස්වරු 06.30ට පමණ ඇය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව පරීක්ෂණවලදී හෙළි විය.

අත්අඩංගුවට ගත් සැකකාරිය තමන් එච්.අයි.වී. (HIV) ආසා­දි­ත­යකු බව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ. ඇය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඇයව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇත. පසුව ඇගේ ආමාශය තුළ පවතින මත්ද්‍රව්‍ය කරල් පිටතට ලබා ගැනීමේ අරමුණින් ඇයව වහාම මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනිණි.




රෝහල්ගත කිරීමෙන් පසු ලබා දුන් ප්‍රතිකාර ඔස්සේ 19 වැනිදා උදෑසන වන විට ඇගේ සිරුරෙන් කොකේන් කරල් 50ක් පිටතට ගැනීමට වෛද්‍යවරු සමත්ව සිටිති. ඒඩ්ස් වැළදුන කතාව බොරුවක් බවද හෙළිව ඇති අතර කෙසේ වෙතත්, පසුව සිදුකරන ලද එක්ස් කිරණ (X-Ray) සහ පරිලෝකන පරීක්ෂණ (Scan Tests) මගින් ඇගේ ආමාශය තුළ තවදුරටත් මත්ද්‍රව්‍ය කරල් කිහිපයක් රැඳී ඇති බව තහවුරු වී තිබේ. එම ඉතිරි කරල් තොගයද ශරීරයෙන් පිටතට ගැනීම සඳහා මීගමුව රෝහලේ වෛද්‍ය කණ්ඩායම විසින් සැකකාරියට විරේක ඖෂධ ලබා දෙමින් වැඩිදුරටත් ප්‍රයත්න දරමින් සිටිති.

angola-katha-who-came-to-katunayake-in-a-wheelchair-after-being-swallowed-by-a-hook-was-arrested

angola-katha-who-came-to-katunayake-in-a-wheelchair-after-being-swallowed-by-a-hook-was-arrested