පසුගියදා පැවති සංඝ සමුළුවේ සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්වූ රැවුළ කොණ්ඩා වවාගත් හිමි නම තමන් වහන්සේ ද වැඩ වසන හෙනානිගල වැදි ගම්මානයේ පන්සලේ හිමිනමක් බවත් වැරදි අර්ථකථනයක් සිදුකරමින් ගිහියෙකු වෙස්වළාගෙන පැමිණි බවට මඩ ප්‍රචාර දියත්වූ බවත් පැහැදිලි කිරීමක් කරන්නට එම පන්සලේ විහාරාධිපති හිමි කටයුතු කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවේදී මෙසේ කියා තිබුණි.
"තෙරුවන් සරණයි. මම හෙනානිගල චූලපන්තක අලංකාර හාමුදුරුවන් වහන්සේ.අද දවසේ විශේෂයෙන්ම මාධ්‍ය ඔස්සේ රටේ ජනතාව ආමන්ත්‍රණය කරන්න තීරණය කළේ. මේ මස 27 වෙනි දින කොළඹදී පවත්වන්නට යෙදුන සංඝ සමුළුව ඉතාමත්ම සාර්ථකව සිද්ධ වුණා.
ඒ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන මහා සංඝරත්නය අතර මගේ දකුණු පසින් වැඩ සිටින අපේ විමලකිත්ති පොඩි හාමුදුරුවන් වහන්සේත් වැඩම කළා. උන්වහන්සේගේ හිස රැවුල මුල් කරගෙන අපේ එදා දවසේ මෙම ජාතික මෙහෙවර සඳහා මහා කැපකිරීමක් සිද්ධ කරපු අපේ පූජනීය ජ්‍යේෂ්ඨ මහා සංඝරත්නයට විශේෂයෙන්ම අපේ උලපනේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දුරකථන ඇමතුම් පවා ලබාගෙන නොයෙකුත් ආකාරයේ තර්ජන ගර්ජන සිද්ධ කරා සමහර උදවිය.
ඒ අය නිතර මතක් කරපු කාරණයක් තමයි මේ ස්වාමීන් වහන්සේලා නැතිකමට මදිකමට හිටපු හිටපු අයට ගිහි ඇත්තන්ට සිවුරු පොරවලා එක්කන් ආවයි කියන කතාව.ඒ වගේම තමයි මම දන්න විදිහට හිතන විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක යම් තරුණයෙක් සිටින පින්තූරයක් දාලා මේ ස්වාමීන් වහන්සේ තමයි එතන ඉන්නේ කියන කාරණය මතු කරමින් සමහර අය මේ කාරණය දේශපාලනිකව හුවා දක්වන්න උත්සාහ කරා.
නමුත් මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි අද දවසේ මෙයා මාධ්‍ය ආවරණය සිද්ධ වෙන මොහොතේ වැඩ ඉන්නේ මේ මගේ දකුණු පසින් වැඩ ඉන්නේ එදා දවසේ ඒ සංඝ සමුළුවට වැඩම කරපු අපේ විමලකිත්ති පොඩි හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ පැවිදි පුද්ගලයෙක් නෙවෙයි කියන එක සමහර අය කියන්න පටන් ගත්තා. නමුත් මට කියන්න තියෙන්නේ මේ තියෙන්නේ උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත. මේ හැඳුනුම්පත නිකම්ම ගිහි ඇත්තෙක්ට ක්ෂණිකව ලබා දෙන හැඳුනුම්පතක් නෙවෙයි.
ඒ නිසා මේ විදිහට මේ සංඝ සමුළුව පැවැත්වුවේ එදා දවසේ කිසිම දේශපාලන අරමුණකින් නෙවෙයි. ශාසනයේ උන්නතිය සඳහා පමණක්ම සිද්ධ කරපු සංඝ සමුළුවක්. ඒ අවස්ථාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා සහ ඒ අවස්ථාවේදී දේශනා වන් සිද්ධ කරපු කිසිම දේශකයාණන් වහන්සේ කෙනෙක් දේශපාලනයක් කිසිම ස්ථානයක වාචිකව හෝ ක්‍රියාකාරීව සිද්ධ වුණේ නැහැ.
ඒ නිසා රටවැසි බෞද්ධ සියලුම ජනතාවට විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ කාරණාවේදී ස්වාමීන් වහන්සේලාට මේ විදිහට පහර ගහන්න ගියොත් රටේ ස්වාමීන් වහන්සේලා ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහළ වැටෙන්න පුළුවන් සිවුරු ඇරලා යන්න පුළුවන්.
නමුත් අද දවසේ මේ ස්වාමීන් වහන්සේට මේ වෙනකොටත් හිස රැවුල් බාගන්න ජීවත් වෙන්න අමාරු තත්ත්වය තමයි පොළොන්නරුව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා හැටියට මේ ප්‍රදේශයේ ඇති අධික උෂ්ණත්වයත් උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානයේ සිදු කරන විහාරස්ථානයේ ඒ ඉදිකිරීම් ආදී කටයුතුවලට සම්බන්ධ වීම නිසාත් උන්වහන්සේට ඒ කටයුත්ත සිද්ධ කරගන්න නොහැකි වුණා.
නමුත් එදා දවසේ සම්බන්ධ වෙච්ච මේ ස්වාමීන් වහන්සේ මුල් කරගෙන යම්කිසි පුද්ගලයෙක් මේ සංඝ ශාසනයට ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අපේ ගලගොඩත්තේ ඥානසාර නායක හාමුදුරුවන් වහන්සේට, උලපනේ නායක හාමුදුරුවන් වහන්සේට ඇතුළු එදා දවසේ සම්බන්ධ වෙච්ච මහා සංඝරත්නයට යම්කිසි පුද්ගලයෙක් ඒ විදිහට අවවාද අවලාද සිද්ධ කරා නම් ඒක මහත් අකුසලයක් විදිහටයි අපි දකින්නේ. ස්වාමීන් වහන්සේලාගේ කටයුතු මොනම වෙලාවකවත් දේශපාලන කෝණයෙන් බලන්න එපා. හැමෝම නිතරම උත්සාහ කරන්න ඕන ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගන්න.
මේ කටයුත්තේදී මේ මගේ දකුණු පසින් වැඩ ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ මිස එදා දවසේ කිසිම පුද්ගලයෙක් ගිහි පුද්ගලයෙක්ට සිවුරු පොරවලා අරන් ගියෙත් නැහැ. අරන් යන්නත් බැහැ. මේ සංඝ ශාසනය එහෙම පවත්වාගෙන යන්නත් බැහැ. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන්නේ මේ කාරණය. ඒ මාධ්‍ය ආවරණයක් ලබා දෙමින් ඒ ප්‍රචාරය කරපු අයට අපි මතක් කරනවා පුළුවන් නම් මේක නිවැරදි කරන්න කියලා මතක් කරමින් මම නිහඬ වෙනවා තෙරුවන් සරණයි. ඔව් ඒ කාලෙත් සංඝ සමුළු ඕන තරම් පැවැත්වුණා. නමුත් ස්වාමීන් වහන්සේලා හිස රැවුල් බාන්නේ නැතුව වැඩම කළා. හැබැයි කවදාවත් ඒ වැඩපු ස්වාමීන් වහන්සේලාට මේ විදිහට පහර ගැහීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් වර්තමානයේ ගත්තහම භික්ෂූන් වහන්සේට තමයි වැඩිපුරම පන්න පන්න පහර දෙන්නේ."