a-warning-to-those-coming-to-watch-the-seal-that-arrived-in-the-state-of-tasmania-australia

ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයට පැමිණ සිටින 'නීල්' (Neil) නමැති දකුණු අර්ධගෝලයට අයත් අලි-සීල් (southern elephant seal) සත්ත්වයා නැරඹීමට යන ජනතාවට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම සත්ත්වයාට ඕනෑවට වඩා සමීප වීමෙන් ඌට මෙන්ම මහජනතාවට ද බරපතල අනතුරු සිදුවිය හැකි බව බලධාරීන් පෙන්වා දෙයි.




සාමාන්‍යයෙන් මෙම වර්ගයේ සීල් මත්ස්‍යයින් ජීවත් වන්නේ ටස්මේනියාවට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි මැක්වාරි (Macquarie) සහ හර්ඩ් (Heard) යන දූපත් වල වුවද, නීල් 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ටස්මේනියාවේදී උපත ලබා ඇති සුවිශේෂී සත්ත්වයෙකි. මේ වන විට දොළොස් වතාවක් පමණ දකුණු ටස්මේනියාවට පැමිණ ඇති නීල්, විවේක ගැනීමට මෙන්ම සෙල්ලමට සටන් කිරීමට ද මෙම ප්‍රදේශය තෝරාගෙන තිබේ.

මෙවර නීල්ගේ පැමිණීම විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ උගේ විශාලත්වය මෙන්ම මහමග නිදාගැනීම සහ මාර්ග බාධක වලට පහරදීම වැනි හැසිරීම් හේතුවෙනි. අනාගතයේදී මෙම සත්ත්වයා මීටර් 4.5ක පමණ දිගකින් සහ ටොන් 3.5ක පමණ බරකින් යුක්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




ටස්මේනියානු ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අංශ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් කාලියන් (Dr Kris Carlyon) සඳහන් කරන්නේ, නීල්ගේ මෙම ජනප්‍රියත්වය ද්විත්ව අසිපතක් වැනි බවයි. තර්ජනයට ලක්වූ විශේෂයන් පිළිබඳව දැනුවත්භාවය ඉහළ යාම යහපත් වුවද, ඡායාරූප සහ සෙල්ෆි ගැනීමට උත්සාහ කරමින් මිනිසුන් අනතුරුදායක ලෙස සත්ත්වයාට සමීප වීම විශාල ගැටලුවක් වී ඇත. ලොව පුරා මෙවැනි තත්ත්වයන් යටතේ, මහජනතාවගේ අනතුරුදායක හැසිරීම් හේතුවෙන් පාලනය කළ නොහැකි අවදානම් මතු වූ විට ඇතැම් විශාල සතුන්ව ඝාතනය කිරීමට (euthanise) පවා බලධාරීන්ට සිදුවී ඇති බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.

බාහිරින් හුරුබුහුටි සහ අහිංසක පෙනුමක් තිබුණද, නීල් යනු ඉතා විශාල සමුද්‍රීය විලෝපිකයෙකු බව බලධාරීන් අවධාරණය කරයි. ටස්මේනියා විශ්වවිද්‍යාලයේ සීල් සතුන් පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය ජේන් යන්ගර් (Dr Jane Younger) පවසන පරිදි, නීල් මේ වන විටත් මිනිසෙකුට හානියක් කළ හැකි තරම් විශාලය. ඔහු ආක්‍රමණශීලී තත්ත්වයක නොසිටියද, සත්ත්වයාගේ විශාල මුඛය සහ දත් හේතුවෙන් මිනිසෙකු පහසුවෙන්ම මරණයට පත්වීමට හෝ බරපතල තුවාල ලැබීමට ඉඩ ඇත. තත්ත්වය පාලනය කළ නොහැකි තරම් දරුණු වුවහොත් නීල්ව වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට වනජීවී නිලධාරීන්ට සිදුවිය හැකි නමුත් එයද ඉතා අවදානම් සහගත විකල්පයක් බව වාර්තා වේ.

a-warning-to-those-coming-to-watch-the-seal-that-arrived-in-the-state-of-tasmania-australia

a-warning-to-those-coming-to-watch-the-seal-that-arrived-in-the-state-of-tasmania-australia

a-warning-to-those-coming-to-watch-the-seal-that-arrived-in-the-state-of-tasmania-australia

a-warning-to-those-coming-to-watch-the-seal-that-arrived-in-the-state-of-tasmania-australia