මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අයත්ව සේවයේ යෙදී සිට දැනට විශ්‍රාම ගන්වා ඇති නිල සුනඛයන් 26 දෙනෙකු ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කිරීමට පොලීසිය තීරණය කර ඇත. අදාළ වෙන්දේසිය ඉදිරි අගෝස්තු 01 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
මත්ද්‍රව්‍ය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ විශේෂ මෙහෙයුම් සහ විවිධ අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා මෙම සුනඛයන් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මීට පෙර සක්‍රීය ලෙස දායකත්වය ලබාදී ඇත.
මෙම සුනඛයන් මිලදී ගැනීමට අපේක්ෂා කරන පිරිස්වලට සහ සාමාන්‍ය මහජනතාවට වෙන්දේසියට පෙර ඔවුන්ව නිරීක්ෂණය කිරීමේ විශේෂ අවස්ථාවක් ද සලසා දී තිබේ. ඒ අනුව අගෝස්තු 01 වනදා උදෑසන 9.00 සිට 10.00 දක්වා අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාස ක්‍රීඩාංගණයේදී සතුන් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතී.
එම නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අදාළ නිල සුනඛයන් අලෙවි කිරීමේ ප්‍රසිද්ධ වෙන්දේසිය ආරම්භ කෙරෙනු ඇත.