update-the-girlfriend-was-killed-at-the-hotel-and-taken-to-the-teldeniya-hospital-car-park

මහනුවර තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක තිබී පසුගිය 17 වනදා සොයාගත් තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෝටර් රථය තුළ කාන්තා සිරුරක් පවතින බවට පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී මුලින්ම දැනුම් දී ඇත්තේ ඇගේ පෙම්වතා විසින් බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි, අම්පාර රෝහලේ භෞතික චිකිත්සකවරියක ලෙස සේවය කළ 33 හැවිරිදි පී.ආර්. ශ්‍යාමා දර්ශනී නමැති තරුණියකි. ඇය සිය පෙම්වතා වන කන්නෝරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ටී.එම්.එස්. දිනෙත් දිසානායක නමැත්තා සමඟ පසුගිය ජූනි මස 03 වැනිදා සිට 16 වැනිදා දක්වා නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට පොලිසිය සැක කරයි.

ඔවුන් දෙදෙනා රැඳී සිටි හෝටලයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී, සැකකාර පෙම්වතා විසින් මෙම කාන්තාවගේ මුහුණ වසා මහත් අපහසුවකින් ඔසවාගෙන යන ආකාරය එහි දත්ත පද්ධතියේ සටහන්ව තිබී ඇත. ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව මෙම කාන්තාව ඝාතනය කර, සිරුර හෝටලයෙන් පිටතට රැගෙන ගොස් මෝටර් රථයක දමාගෙන විත් මෙලෙස තෙල්දෙණිය රෝහල ආසන්නයේ දමා යන්නට ඇති බවට පොලිසිය දැඩි ලෙස සැකපහළ කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මියගිය භෞතික චිකිත්සකවරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මෙම සිදුවීම සැලසුම් සහගත ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න ස්ථිරවම තීරණය කිරීම සඳහා තෙල්දෙණිය පොලිසියෙන් ලබාගත් තොරතුරු ඔස්සේ නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකය.