these-people-are-destroying-the-country-created-by-mr-mahinda-rajapaksa---johnston

දේශපාලන රැස්වීමක් අමතමින් පොදු ජන පෙරමුණේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ කියා තිබේ.

"දවස ගානේ ශ්‍රී ලංකාව කඩාගෙන වැටෙනවා. මේ උතුම් රට මහින්ද රාජපක්ෂ මහත්තයා නිර්මාණය කරපු රට සංවර්ධනය කරපු රට, හදපු රට දවස ගානේ විනාශ කරගෙන යනවා.

දවස ගානේ. හැබැයි මේ ආණ්ඩුවේ මොන තරම් රට වැටිලා ගියත් ආණ්ඩුවේ නායකයයි, නායක නායිකාවන්ගෙයි, පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ උද්ධච්චකම සත පහකින් වත් වෙන්නේ නෑ."