මිස්ටර් කොත්තු ආයතනයේ සේවකයින්ට පහරදීමක් සිදුවී හිමිකරු විරාජ්ව දැඩි ලෙස විවේචනය වෙමින් පැවති අවස්ථාවේ ඔහු සේවකයින් තිදෙනෙකු සමග වීඩියෝවක් ඉදිරිපත් කළ අතර ඔහු එහිදී මෙසේ කියා තිබුණේය.
"මේකයි, මේ මුලින්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ වැඩ කරන මල්ලි කොහෙද ගම? අවිස්සාවේල්ල? අවිස්සාවේල්ල. ඔයා පොලොන්නරුවේ? මේ පොලොන්නරුව, අවිස්සාවේල්ල. මං උඹලාගේ මල්ලිලා වැඩට කට්ටිය ඡන්දෙ දුන්නේ කාටද කියලා ඇහුවද? ආ නැහැ නැහැ. ඕගොල්ලන්ට මේක ඇතුලේ මොකක් හරි දේශපාලනයක් තියෙනවද? ආ මේක ඇතුලේ අපි කන්න දෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි, එහෙම නැත්නම් JVP කාරයන්ට විතරයි කියලා නීතියක් තියෙනවද?
මෙහෙමයි. මේ නඩුව අවුරුදු දහනමයක්. ඕගොල්ලෝ ඒ නඩුව ගැන කලින් බැලුව නම් හරි. ඒක අල්ලන එක තනිකරම එකක්. ඒකේ ඕගොල්ලෝ හරියට නඩුව බලන්න. මේ මෙහෙම අත උඩිනුත් තියෙන්නේ. ස්ටෑන්ඩ් එකක් නැතුව අත උඩින් යන්නේ මොන බලයකින්ද? හැබැයි ඒ නඩුවේ එදා මම හිටියා. ඒක මම පිළිගන්නවා. ඒක වෙන කතාවක්.
දේශපාලන වශයෙන් මට මඩ ගහනවා නම්, කළු සල්ලිත් සුදු කරලා තියෙනවා නම්, හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවනේ. ඕගොල්ලන්ගේ ආණ්ඩුව ගිහින් නඩුවක් දාන්න. මට සල්ලි හම්බුණේ කොහොමද? මේ වාහනේ කට්ටිය කොහොමද? මේ කඩ දැම්මේ කොහොමද කියලා ඕගොල්ලෝ හොයන්න. ඕගොල්ලන්ගේ අතේනේ පොලිසිය තියෙන්නේ, CID එක තියෙනවා, එහෙමත් නැත්නම් උසාවිය තියෙනවා. ඕගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා, අගමැති කෙනෙක් ඉන්නවා. ඔක්කොම ඕගොල්ලන්ගේ. මගේද? කොත්තු විකුණපු මගේද? නැහැ මගේ නෙමෙයි.
ඕගොල්ලන්ට පුළුවන් ඒ පිළිබඳව හොයන්න — කොහෙන්ද හම්බුණේ? කොහොමද කරන්නේ? මේ ව්‍යාපාර කොහොමද කරන්නේ කියලා හොයන්න පුළුවන්. නිකන් බොරුවට මේක ඇවිල්ලා මේ සත පහක් කඩේට එවුන් වගේ, පිස්සෝ වගේ ගගහා පැටලෙන්න හදන්න එපා. ඒක මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන කාරණාවක්. ඒ අස්සේ ඊයේ දිනයේදී ඇවිල්ලා මේ ෆෝම් වෙච්ච, කන්නවත් නැති උන් ටික ඉන්නේ. බත් කටක් නැති එවුන්. අපි වගේ තියෙන මිනිස්සුන්ට ඉරිසියයි. මල්ලි, උඹ ලස්සනයි නම් ඉරිසියයි, උඹ සුදුයි නම් ඉරිසියයි, උඹට වාහනයක් තියෙනවා නම් ඊර්ෂ්‍යාවයි. ඊයේ ඇවිල්ලා මොකක්ද කරේ කියලා කියන්නකෝ බලන්න.
කියන්න මල්ලි කියන්න. අඩි විස්සක්. හරි ඉස්සරහට ඇවිල්ලා මේවා වහනවා, මේවා වහනවා. පුළුවන් නම් මූණට ඇවිල්ලා කරපන්. මේ අහිංසක කොල්ලෝ. දැන් මම වීඩියෝ එක තව පොඩ්ඩකින් කරනවා, හරිද? උඹට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, උඹලාට Mr. කොත්තු එකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියක් තියෙනවා, උසාවියක් තියෙනවා. ඒවට ගිහිල්ලා ප්‍රශ්න විසඳගන්න. එහෙම නැතුව මේ අහිංසක කොල්ලොන් ඇවිල්ලා බය කරලා, "වෙඩි තියෙනවා, කුඩු කරනවා" මොකක්ද මචං මේ ලැජ්ජා නැති වැඩනේ මේ? ඊට පස්සේ "වෙඩි තියනවා, මේවා වහගෙන ආපු කතා, අපි බය නැහැ" කියලා. එකේ. සිරාවට? උඹලා බය වුණාද? ඈ? බය වෙයන් මල්ලි හොරකම් කරන්න, කුඩු විකුණන්න, ගංජා විකුණන්න, අයිස් විකුණන්න බය වෙලා. එහෙමත් නැත්නම් මේ කාගෙවත් කීමට කඩේ යන පිස්සොන්ට බය වෙන්න එපා. අද මැරුණොත් අපේ සිංහල ජාතියට වෙලා තියෙන ප්‍රශ්නයක් ඕක. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේකේ වැරද්දක් තියෙනවා නම්, කොල්ලෝ දෙසීයකට එහා ප්‍රමාණයක් ලංකාවේ රැකියා කරන ආයතනයක් මේක කියන්නේ. උඹලා මම වැරැද්දක් කරලා තියෙනවා නම් මගෙන් මේක උඹ රජයට පවරලා ගනින්. මගේ සල්ලි කළු සල්ලි නම් උඹලා මේක පවරගන්න. අරගෙන උඹලගේ එකක් දාලා මේ අහිංසක කොල්ලන්ගේ රස්සා නැති කරන්න එපා.
ඊට පස්සේ මේ අහිංසකයන්ට තර්ජන කරලා, බය කරලා, ඔය වගේ ගොන් පාට් දාන්න එපා. ඇත්තටම මට ගහපු එක ගැන අවුලක් නැහැ. මේ වෙලාවේ කඩවලට පැනලා සද්ද දාන උන් ගැන පොඩි අවුලක් තියෙනවා. මම ඔය ටික ඔක්කොම දැම්මා. අද දිනයේ අපි ඒකට පැමිණිලි කරලා තියෙනවා. ඒකත් එක්ක ලෑස්ති වෙන්න සමාජ මාධ්‍ය ඉස්සරහට මුහුණ දෙන්න. මං දන්නෑ. මං විශ්වාස කරනවා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා. අපි විශ්වාස කරනවා උසාවියෙන් අපිට ලැබෙන්න තියෙන හරි තීන්දු තීරණ ටික ලැබෙයි කියලා. තවත් දාන්න එපා, තවත් ව්‍යාපාරයකට කරන්න එපා. උඹලා ගහපන් මට. මට ගහපන්. ඔව්. අවුරුදු දැන්ම කියනවා යකෝ දෙදාස් නමයේ නඩුවක්. අද වෙනකොට ඒ නඩුවටම අවුරුදු දාහතක්. අවුරුදු දාහතක්.
අනිත් එක ඒ නඩුව දාපු එකා ගැනත් මං ඔතන දන්නවා. ඒ නඩුව දාලා තියෙන්නේ නෙමෙයි අපිත් එක්ක එකට හිටපු එකෙක්. ඔය ඒ කාලේ මේ ඌ තමයි හොඳටම කඩේ ගියේ මහින්ද රාජපක්ෂලාට. හොඳටම කඩේ ගිහිල්ලා ඌට හම්බෙච්ච ලබ්බක් නැහැ. ඔය නඩුව දාපු එක්කෙනා ඒ වෙලාවේ ඔය රැස්වීමට හොඳටම කඩේ ගියා. ඌ අපිට විතරක් නෙමෙයි කඩේ ගියේ, UNP එකටත් හොඳටම කඩේ ගියා. ඊට පස්සේ දැන් ඒ දෙකෙන්ම මූණ ගැලවීමක් නැති වුණාට පස්සේ දැන් මේ වෙලාවේ මාලිමාවට කඩේ යනවා. ඉතින් මෙහෙමයි ඉතින්. ඔයිට වඩා ගොඩක් අමාරුකම් පහු කරගෙන තමයි මං ආවේ. කඩ වහනවා නම් වහන්නේ අපි. ඕගොල්ලන්ට කඩ වහන්න උවමනාවක් තියෙනවා නම් ඒවා නීත්‍යානුකූලව පියවර ගන්න. චණ්ඩි පාට් දාන්න එන්න එපා කඩ ඇතුළට. පුළුවන් නම් මගේ ගෙදරට හරි, මම ඉන්න තැනකට හරි, පුළුවන් නම් මූණට ඇවිල්ලා කියපන්. ඔප්පු කරපන්කෝ.
බයත් නැහැ, ණයත් නැහැ. උඹලට කරන්න පුළුවන් ලාම්පුවකුත් නැහැ. බයවෙන්න එපා බං, පිස්සෝ. දැන් බය නැතුව වැඩ කරපල්ලා. තේරුණාද? අපේ ඇවිල්ලා සද්ද බද්ද දාන්න එපා. උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් නීත්‍යානුකූල පියවර ගන්න. මේක පවරගන්න. පවරගෙන ආණ්ඩුවෙන් කරන්න, විසඳුමක් දෙන්න. අවුලක් නැහැ. රස්සා නැති කරන්න එපා කොල්ලෝ. එතකොට උඹලා හෙට ඉඳලා කවුද? එකක් දීලා රාජ්‍ය සේවකයෝ. ජය වේවා."