හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. නව ජනතා පෙරමුණේ නායකයා ද වන ඔහු මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ විශේෂ පරීක්ෂණයකට අදාළවය.
මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ ඔහු රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකි. එම සිදුවීමට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදුකරන විමර්ශනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
