looking-for-information-on-a-missing-youth

අංගොඩ, වල්පොළ, සුමේධා මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි කවිඳු මලීෂ ගජනායක නමැති තරුණයෙකු අතුරුදන් වී ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති. පසුගිය 14 වන ඉරිදා පස්වරු 3.30 ට පමණ සිය නිවසින් බැහැරව ගොස් ඇති මෙම තරුණයා, ඉන් අනතුරුව මේ දක්වා නැවත නිවසට පැමිණ නොමැති බව වාර්තා වේ.




මොහු හඳුනාගත හැකි සුවිශේෂී බාහිර ලක්ෂණයක් වන්නේ මුහුණේ එක් ඇසක් අසල කළු පැහැති කැළලක් පිහිටා තිබීමයි. අවසන් වරට නිවසින් පිටත්ව යන අවස්ථාවේදී ඔහු ටීෂර්ටයකින් සහ කලිසමකින් සැරසී, ගමන් මල්ලක් ද රැගෙන ගොස් ඇති බව සඳහන් වේ. තවද, මෙම තරුණයා සිය ජංගම දුරකථනය මෙන්ම මුදල් පසුම්බිය ද නිවසේම දමා ගොස් තිබීම විශේෂත්වයකි. ඔහු නිතර ගැවසෙන ස්ථානයක් ලෙස අංගොඩ ඇවිදින මංතීරුව හඳුනාගෙන ඇති අතර, අනුරාධපුරය බලා ධාවනය වන දුම්රියක ගමන් කිරීමට මොහු සූදානමකින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානය මගින් දැනටමත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තරුණයා සොයාගැනීම සඳහා අදාළ අංශ මහජන සහයෝගය අපේක්ෂා කරයි. ඒ අනුව, මෙම අතුරුදන් වූ තරුණයා පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වෙතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි 071 563 7637 හෝ 077 784 2165 යන දුරකථන අංක ඔස්සේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හෝ 0112 862 522 අංකය ඔස්සේ වැලිකඩ පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

looking-for-information-on-a-missing-youth

looking-for-information-on-a-missing-youth