shyama-was-under-pressure-as-she-could-not-go-to-canada-because-her-boyfriend-squandered-her-money-even-though-she-owed-crores-of-rupees

නුවරඑළිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අතුරුදන් වූ තරුණියකගේ මෘත ශරීරය තෙල්දෙණිය රෝහල අසල රථගාලක නවතා තිබූ මෝටර් රථයක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ, 34 හැවිරිදි වියේ පසු වූ ශ්‍යාමා දර්ශනී නමැති තරුණියකි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් සැකපිට, මහනුවර ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන දිනෙත් දිසානායක නමැති ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට මහජන සහය පතයි.

මෙම සිදුවීමේ මුලාරම්භය සනිටුහන් වන්නේ කොටවැව තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඊයේ උදෑසන නුවරඑළිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් සමඟිනි. සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව සිටින බවත්, ඇය දින ගණනාවකින් ආහාර ගෙන නොමැති බැවින් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය වන ලෙසත් ඔහු පොලීසියෙන් ඉල්ලා තිබුණි.

 ඉකුත් ජූනි මස 3 වැනිදා මෙම නිවාස සංකීර්ණයට පෙම්වතා සමග පැමිණ ඇති ඇය, අනතුරුව හෝටලයෙන් 10 වනදා පිටවගොස් ඇති නමුත් නැවත තනිවම 16 වනදා එම නිවාස සංකීර්ණයට පැමිණ ඇති අතර තමන් දින තුනක් පුරා ආහාර ගෙන නොමැති බව සිය සොහොයුරාට දුරකථනයෙන් පවසා තිබේ. එසේම තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුටද ඇය දුරකථනයෙන් දන්වා ඇති අතර, එහිදී වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ කඩිනමින් ළඟම ඇති රෝහලකට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි. කෙසේ වෙතත්, ඉකුත් 16 වැනිදා සවස් කාලයේ 4:00 න් පමණ පසුව ඇයගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් සහෝදරයා මෙලෙස පොලිස් සහය පතා ඇත.

පැමිණිල්ලට අනුව නුවරඑළිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවසට ගොස් පරීක්ෂා කළද එහි කිසිවෙකුත් සිට නොමැත. පසුව එම පරිශ්‍රයේ සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9:50 ට පමණ අදාළ තරුණියගේ පෙම්වතා එම නිවසට පැමිණෙන ආකාරයයි. එහි මිනිත්තු 40 කට ආසන්න කාලයක් රැඳී සිටි ඔහු, රාත්‍රී 10:30 ට පමණ සිහිසුන්ව සිටි තරුණියව ඔසවාගෙන විත් මෝටර් රථයක දමාගෙන රැගෙන යන අයුරු එම දර්ශනවල සටහන්ව තිබුණි. තරුණිය ඒ වනවිට ඝාතනය වී තිබුණාද සිහිසුන්ව සිටියේද යන්න සීසීටීවී අනුව පැහැදිලි නැත. ඇගේ මුහුණ කළුපැහැති රෙදි පටියකින් වසා දමා තිබී ඇති අයුරුද දිස් විය. මෙලෙස ඇය රැගෙන යන ආකාරය අදාළ ගොඩනැගිල්ලේ එක් සීසීටීවී කැමරාවකින් පමණක් සටහන්වී ඇති අතර අපාර්ට්මන්ට් එකක් නිසා හෝටලයක තරම් සේවක පිරිසක් එහි රැඳී සිට නැති අතර රාත්‍රී කාලයේ එම රැගෙනයාම සිදුකර ඇත. ආරක්ෂක අංශ වෙත ඇය සිහි නැති නිසා රැගෙන යනවා යයි දන්වා ඇති බවක් වාර්තා විය.

තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබූ පසුබිමක, නුවර එළියේ සිට කිලෝමීටර 100 කට ආසන්න දුරක මහනුවර තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඉන් පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලේ නවතා ඇති මෝටර් රථයක කාන්තා මළ සිරුරක් ඇති බවයි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් අගුළු දමා තිබූ මෝටර් රථයේ දොර විවෘත කර ඇති අතර, එහි ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා තිබූ මෘත ශරීරය සොයාගෙන ඇත. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ එය නුවරඑළියෙන් අතුරුදන් වූ තරුණියගේ සිරුර බවයි.

මෙම තරුණිය රෝහල් ගත කිරීමට පෙම්වතා කියන අය රැගෙන ගියේ නම් ආසන්න රෝහල් ගණනාවක් පසුකර තෙල්දෙණියට රැගෙනයාම ප්‍රහේලිකාවක් වන අතරම මෙය ඝාතනය කර සැගවීමේ අරමුණකින් සිදු කළේ නම් වාහනයේ සිරුර තිබියදී පොලිසියට එය දැනුම්දී යාම සිදු නොකරන බැවින් ඒතුළ ඇත්තේ තවත් ප්‍රශ්න ගත කරුණකි.

පොලිස් විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ සැකකාර පෙම්වතා විසින්ම මළ සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමා, පසුව තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට අදාළ දුරකථන ඇමතුම ලබා දී ඇති බවයි. මීට මාස අටකට පමණ පෙර මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ වී තිබේ.
 ඇය 2023 වසරේ සිට අම්පාර මහ රෝහලේ සෙවය කර විදේශ ගත වන බව පවසා තම රැකියාවෙන් ඉල්ලා අස්වීමට අදාල ලියකියවිලි භාර දුන් බව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිස්සංක විරේජත්න මහතා තහවුරු කර ඇත. 

 අදාළ තරුණිය සිය පෙම්වතා සමඟ කැනඩාවට යාමේ අපේක්ෂාවෙන් බැංකුවකින් සහ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පොලියට රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් ලබාගෙන පෙම්වතා වෙත ලබා දී ඇති නමුත් පෙම්වතා මෙම මුදල් නිසි පරිදි එම කටයුත්තට යොදවා නැති අතර වෙනත් වැඩ සඳහා වියදම් කර ඇති බව පැවසිණි. මේ නිසා දෙන්නා අතර මෙම ප්‍රශ්නය ගැන ගැටලුවක් තිබී ඇත.

මේ දක්වා විදේශගත වීම සිදුව නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලා බලපෑම් කිරීම නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවද ලැබුණ තොරතුරු අනුව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තරුණියගේ දේහය රැගෙන යාමට භාවිතා කළ මෝටර් රථය, සැකකාර පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි වෙනත් පෙම්වතියකට අයත් එකක් බවයි. දේහය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මෙය සැබවින්ම ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් ස්ථිරව තහවුරු වී නොමැත. සැකකාර දිනෙත් දිසානායක නැමැත්තා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් වහාම පොලිස් අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.