
පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' වශයෙන් සැකයට භාජනයවී ගෝඨාභය රාජපක්ෂ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට පත්වන බවට රාවයක් පැතිර තිබෙන පසුබිමේ රාජපක්ෂ මහතා ඓතිහාසික කතරගම කිරිවෙහෙර අද (12) උදෑසන වැඳපුදාගත්තේය. ඔහුගේ මුහුනේ දැඩි බියක් ආතතියක් පෙන්නුම් කළ බව සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසා තිබේ.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා අනතුරුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වා මහසෙන් දෙවිදුන් හා දැඩිමුණ්ඩ දෙවිදුන්ගේ ආශිර්වාදයද ලබා ගත් ගෝඨාභය හිටපු ජනපතිවරයා සමග බිරියද එක්ව තිබීම විශේෂිතය.
පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වැද පුදා ආශිර්වාදය ලබා ගෙන තිබෙන බවද වාර්තා විය.
ජායාරූප - කිරිවෙහෙර මාධ්‍ය ඒකකය
