i-am-starting-ev-factories-in-sri-lanka-like-my-fathers-two-hundred-garment-factories-program

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් මෙසේ කියා තිබේ.




"...විද්‍යුත් වාහන ආනයනය කිරීමක් කරන්න. අපි ඊළඟ පියවරට යන්නට ඕනේ. ඇඟලුම් කම්හල් දෙසීයට හා සමානව විද්‍යුත් වාහන කර්මාන්තශාලා පද්ධතියක් අපේ රටේ ස්ථාපනය කරන්න, ඒ වාහන නිෂ්පාදනයට ලක් කරන්න පැහැදිලි ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න." "නොයෙකුත් අය සුපුරුදු පරිදි සමච්චලයට ලක් කරයි, කොහොමද අපේ රටේ විද්‍යුත් වාහන නිෂ්පාදනය කරන්නේ කියලා. ඔය අලුත් දෙයක් කියනකොට හිනාවෙන එක අපේ රටේ සුපුරුදු කාරණාවක්. ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොටත් බොහෝ දෙනා හිනා වුණා. හිනාවෙලා කිව්වා නැහැ, අපි හැමදාමත් ඇඟලුම් නිෂ්පාදන ආනයනය කරන රටක් බවටම පත්වෙන්නට ඕනේ කියලා.

එදා හිනා වුණා, එක එක අවලාද නැගුවා, අපහාස කරා, විදේශීය කාන්තාවන්ට ඇඳුම් මස්සන්නට නගරයේ ගමේ අපේ රටේ තරුණ තරුණියන් යොමු කරනවායි කිව්වා. නමුත් අද මොකක්ද ඇඟලුම් ක්ෂේත්‍රයට වෙලා තියෙන්නේ? අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ප්‍රවාහයන්ගෙන් එකක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම, ඉලෙක්ට්‍රික් වාහන, ඒ භාවිතය ප්‍රචලිත කිරීම පමණක් නොවෙයි, ඒ ආනයනය කිරීම පමණක් නොවෙයි, අපිට ඉදිරි දැක්මක් තිබෙනවා EVs (Electric Vehicles) අපේම රටේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ස්ථාපනය කිරීම අපේ වර්තමාන සහ ඉදිරි දැක්මයි, අපේ දර්ශනයයි."




"ඒ සඳහා සමහරෙක් කියන්න පුළුවන් කොහොමද අපේ රටේ මේ කර්මාන්තශාලා ස්ථාපනය කරන්නේ, විදුලි බිලේ ප්‍රශ්න තියෙනවා, තවත් වෙනත් වෙනත් කම්කරු ගැටලු ඇතුළු ගැටලු රාශියක් තිබෙනවා. මම දකින්නේ ඒ ගැටලු ඉදිරිපත් කිරීම කර්මාන්තශාලා බිහි නොකරන්නට හේතු දැක්වීමක්. මේ කර්මාන්තශාලා ස්ථාපනය කරන්නට නම් රණසිංහ ප්‍රේමදාස ක්‍රමය ක්‍රියාත්මක කරන්නට ඕනේ. මොකක්ද ඒ ක්‍රමය? අදම අවස්ථාව ලබාදෙන්නට ඕන දින ටික දීලා, මෙන්න මේ අහවල් කර්මාන්තශාලා ප්‍රමාණය අපි මේ රටේ විවෘත කරනවායි කියලා. එහෙම නිලධාරීන්ට සහ ආයෝජකයින්ට ඒ නියෝගය දීලා, ඒ උපදෙස් දෙනකොට, විවෘත කිරීමේ දිනය දුන්නොත්, නිලධාරීන්ට Residential (සිද්ධ වෙනවා) ඒ අවශ්‍ය අවසර, ඉඩකඩම්, පහසුකම්, ඒ වගේම විශේෂ දිරිගැන්වීම් මේ ක්ෂේත්‍රයට..."