coming-to-chariths-house-and-being-arrested-in-front-of-the-triplets-is-not-good-for-the-personality-of-those-children

සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මෙසේ කියා තිබේ.




"සමගි ජන බලවේගය ආදර්ශමත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි නීතියේ ආධිපත්‍යය විශ්වාස කරනවා. මා පෙර සඳහන් කළ ආකාරයටම, නෛතිකමය ක්‍රියාවලිය තුළ අපරාධ වරදක් හෝ සිවිල් වරදක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුමන තරාතිරමක සාමාජිකයෙකුට වුවත් චෝදනා එල්ල වුවහොත්, ඔවුන් ඒ සඳහා මුහුණ දිය යුතුයි.

එම ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ පාරදෘශ්‍යභාවය සමඟ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හෝ ඔවුන් වරදක් කර තිබේ නම් දඬුවම් දීමේ කටයුත්ත අධිකරණයට භාර වෙනවා. ඒ වෙනුවෙන් සමගි ජන බලවේගයේ පූර්ණ සහයෝගය නිතැතින්ම හිමි වන බව අප ප්‍රකාශ කරනවා. හැබැයි, මූලික අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලුවත්, ඒ වගේම මානුෂීය තත්ත්වයන් සලකා බැලුවත් මෙහි බරපතළ ගැටලුවක් තිබෙනවා. මේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, අපේ සංවිධායකතුමා වන චරිත් අබේසිංහ මහතාගේ නිවසේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වුණු තුන් නිවුන් දරුවන් (Triplets) සිටියා. 

දරුවෙකුගේ පෞරුෂ වර්ධනය කෙරෙහි ආවේණික සාධක මෙන්ම ඔහු ජීවත් වන පරිසරය, පාරිසරික තත්ත්වයන් සහ ආදරය එක හා සමානව බලපානවා කියන එකයි අධ්‍යාපන විද්‍යාඥයන්ගේ මතය වන්නේ. දන් එතකොට, අවුරුදු තුනහමාරක පමණ කුඩා දරුවන් ඉන්න ගෙදරකට ඇවිත් මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදු කරපු අමානුෂික ආකාරය පිළිබඳව අපේ බලවත් පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කරනවා.




මෙම අත්අඩංගුවට ගැනීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන්ගේ නොගැළපෙන ක්‍රියාකලාපය පිළිබඳව අපේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම, ඔහුගේ බිරිඳ සහ මේ කුඩා දරුවන් තිදෙනා පත් කළ පීඩිත තත්ත්වය පිළිබඳව ද අප අකමැත්ත ප්‍රකාශ කරනවා. යම්කිසි විදියකින් පුද්ගලයෙකුට වරදක් හෝ චෝදනාවක් තිබෙනවා නම්, ඒ චෝදනාව තියෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු නෛතිකමය ප්‍රතිපාදන වගේම සදාචාර සම්පන්න ශිෂ්ටසම්පන්න ක්‍රමවේදයක් පවතින බව අප අවධාරණය කරනවා."