chairman-of-ceylon-salt-company-arrested

ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී ආර්.එම් ගුණරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මතය.

 නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව කටයුතු කරමින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න නැමැති නිලධාරියාය. හම්බන්තොට ලුණු සමාගම වෙත ලුණු ඇසුරුම් ලබා ගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර,

ප්‍රති ඇණවුමක් මාර්ගයෙන් අදාළ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට (රු. 14,300,000/-) ආසන්න මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ 2026 ජූනි මස 19 වන දින පෙරවරු 09.55 ට පමණ අදාළ කොමිෂන් සභා පරිශ්‍රයේදීම මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ඉදිරි නීතිමය පියවර සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.