harak-kata-and-wife-madhu-with-charit-and-rakhitha-bribe-audio-leaked-text-audio

"හරක් කටා" ලෙස හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳ ලෙස හඳුනාගත් කාන්තාවක, නීතිඥ රක්ඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන මහත්වරුන් අතර සිදුවූයේ යැයි පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬපටයක් මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ප්‍රචාරය කර තිබේ. දැනට සමාජ මාධ්‍ය ඔස්සේ ද බහුලව සංසරණය වන මෙම හඬපටය හරහා ඔවුන් අතර සිදු වූ ආන්දෝලනාත්මක සාකච්ඡාවන් රැසක් අනාවරණය වී ඇත.




මෙම හඬපටය තුළ ප්‍රධාන වශයෙන්ම "හරක් කටා" නමැත්තාට විවිධ අයුරින් උපකාර කිරීම සඳහා ලබාගත් බව කියන මුදල් පිළිබඳවත්, ඊට අදාළව රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන් බව පැවසෙන දීමනා සහ ගෙවීම් පිළිබඳවත් විවිධ ප්‍රකාශ අඩංගු වී තිබේ. කෙසේ වෙතත්, මෙම දුරකථන පටිගත කිරීමේ සත්‍යතාව මෙතෙක් කිසිදු ස්වාධීන පාර්ශ්වයක් විසින් තහවුරු කර නොමැති අතර, එහි ඇසෙන හඬවල් අදාළ පුද්ගලයන්ගේම දැයි නිල වශයෙන් ස්ථිර කර නැත.

මෙම හඬපටය කරළියට පැමිණියේ, "හරක් කටා" නමැත්තාට සම්බන්ධ සිදුවීමක් වෙනුවෙන් රුපියල් මිලියන 120ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගත වෙද්දීය. එහිදී නීතිඥ රක්ඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන මහත්වරුන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.




හඬපටයේ ලිඛිත සටහන හා හඬපටය පහතින්

පළමු පුද්ගලයා: ආරයිට්, ඔව්. ඔව්, දැන් ඊයේ කතා කරලා ගියාට පස්සේ මම ඊයේ...



රකිත ඉන්නවා ලයින් එකේ. ආරයිට්, ඔව්.

ඔව්, දැන් ඊයේ කතා කරලා ගියාට පස්සේ මම ඊයේ...

මෙයා ආවා. එයා පල්ලෙහාට ගිහිල්ලා ආයෙමත් මේ අපේ චරිත් කතා කරාට පස්සේ, මේ මධු නංගි ආවා එළියට. ආයෙමත් ආවා මට කතා කරලා.

ආවට පස්සේ මම කිව්වා, "දැන් එතන ඉඳලා වැඩසටහන වෙනකොට, අර තව ලක්ෂ... අපි තව දහයක් දෙන්න තියෙනවා" කියලා කිව්වා. ඒක දෙවෙනි වැඩේට, ලක්ෂ දහයක් රිමාන්ඩ් කරන වැඩේට—සොරි, මේ මේ දානවාට, රිමාන්ඩ් කරවනවාට ලක්ෂ... ඩී.ඕ. (D.O.) වැඩේට.

"ඩී.ඕ. වැඩේට ලක්ෂ දහයක් දැන් ලෑස්ති කරන්න ඕනේ" කිව්වට පස්සේ, එයා කිව්වා "හරි අයියේ, මම මේ... මමත් ඒක ගැන තමයි මේ කල්පනා කර කර ඉන්නේ. සල්ලි මේ ඉල්ලුවද?" කියලා ඇහුවා.

"කවුද ඉතින්?" මම කිව්වා, "මේ මෙහෙමයි, මේ ඇත්ත වශයෙන්ම මේ රකිත පුතාට එහෙම සල්ලි අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතන ඒ වැඩසටහනට යන්න තියෙනවා."

දෙවෙනි පුද්ගලයා: තත්පරයක් ඉන්න, තත්පරයක් ඉන්න අයියා. තත්පරයක් ඉන්න, තත්පරයක් ඉන්න. දැන් ඒක පොඩ්ඩක්...

ආ, හලෝ.

පළමු පුද්ගලයා: හලෝ.

දෙවෙනි පුද්ගලයා: ඔව්, ඊට පස්සේ?

පළමු පුද්ගලයා: මම කිව්වා, "මේ මේ කට්ටිය මේ මෙච්චර, ගිය පාරත් තව මේ දහයක් ගත්තේ, ලක්ෂ දහයක් ගත්තේ මේ ඒවට අදාළ තැන්වලට..." මෙන්න මේකයි මෙහෙම කතා කර කර ඉද්දි, එයා කිව්වා මෙහෙම මෙහෙම කතාවක් එයා කිව්වා.

මේ ඊට පස්සේ මම කිව්වා, ඉතින් මම කිව්වා "කතා කරන්න එපා" කියලා. මම කිව්වා "මේ අයියේ, මම හිතන විදිහට අයියේ, අර මේ ගෙවන... අර වගේ ගෙවන ඒවා හරි" කියලා කිව්වා. නිකන් මේක කියද්දි මම ඇත්ත කියන්න එපැයි.

ඒ කියන්නේ අපේ ඩී.ඕ. එකක් ක්ලියර් කරන්න අරයට මෙයාට, හතරවටේට ඔය ඉන්න සාමාන්‍ය අයට, ඔය අර අපේ තියෙන සගයන්ට එහෙම තියෙන කට්ටියට... එහෙම නැත්නම් තාම පොලිසියට නම් දීලා නැහැ.

එදා මම කිව්වානේ සල්ලි භාගයයි දීලා තියෙන්නේ කියලා. මේ භාගයක් අදාළ තැනට දීලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා එනකන් ඉන්නේ. ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ජූනි වලා 25 (ජූනි 25) මේ කට්ටිය අපේ කට්ටිය පත් කරගන්නවා. ඒක 100 ට 5000 ක් ෂුවර්.

හරි, දැන් ඒ වුණාට ඒක අයියේ... ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඒක... මම පොරොන්දු වුණානේ. ඒක අදාළ නැහැ කට්ටිය සල්ලි... ඒ කට්ටිය බෙදාගත්තත්, මම කිව්වා "ඒ කට්ටිය කියන්නේ සල්ලි බෙදාගන්න ඕන කට්ටියක් නෙවෙයි" කියලා.



"ඒ කට්ටිය මේ ඇත්ත වශයෙන්ම ඒ යන ඒ යන මිලට, ඒ යන මිලට, ඒ යන මිලට අපි අගයක් දෙන්න ඕනේ." ඒක හරි. "අපි එයාට දුන්නා, මෙයාට දුන්නේ නැහැ" කියලා කිව්වා.

"දැන් වුණත් ඔයා බලන්න" කිව්වා. "දැන් වුණත් අපි ඔතන ඉන්න කට්ටියට සෙට් කරගන්න 100, 150, ලක්ෂ දහය, දෙක, තුන ගන්නේ නැහැ. කෝ ඔයාගේ මල්ලිගේ තියෙන නමයි මේක. ගන්නවා නම් පටන් ගන්න නිකන් පියන් (Peon) කෙනෙක් වුණත් ලක්ෂ දහයෙන් පටන් ගන්න" කිව්වා. "ලෝයර් කෙනෙක් වුණත් ලක්ෂ 25කින් පටන් ගන්න" කිව්වා. කියලා ගෑණිව බැලන්ස් කරලා තියෙන්නේ. දැන් වැඩසටහන ඉක්මනට ක්‍රියාත්මක කරලා, මේ මේ ඉතුරු දහය ගත්තා නම් හරි. ටක්ගාලා.

දැන් මම... දැන් ඔයාට මේකේ මතක තියාගන්නකෝ. දැන් ඔය අපි ඔය දැන් දේශබන්දු මහත්තයාට ලක්ෂ... අපි එතන 500ක් දුන්නානේ. හරිද? 500ක් දුන්නට පස්සේ ඒ දුන්න එක කවුද දන්නේ? එච්චරයි. කවුරුහරි දන්නවද? ඔයාගේ පැත්තෙන් හරි කවුරුහරි දන්නවද?

දෙවෙනි පුද්ගලයා: ඉක්මනට හැම පුද්ගලයෙක්ම දන්නවා.

පළමු පුද්ගලයා: ඒක කමක් නැහැ, එයා දන්නවා. කමක් නැද්ද ඒක? කවුරුත් දන්නේ නැහැනේ. එච්චරයි.

දෙවෙනි පුද්ගලයා: නැහැ.

පළමු පුද්ගලයා: දැන් මෙයා කියනවා දැන් පොලිස්පතිතුමා ඇවිල්ලා තියෙනවා කියලා. දැන් චරිත්ගේ යාළුවානේ පොලිස්පතිතුමා, දැන් ඉන්න දේශබන්දු මහත්තයා. ඉතින් චරිත්ගේ අතේ ඉන්නවා නම්, චරියා ඇයි මේක කරන්නේ නැත්තේ? ඇයි මේක පරක්කු කරන්නේ? අපිට නඩු...

දෙවෙනි පුද්ගලයා: කවුද පරක්කු කරන්නේ?

පළමු පුද්ගලයා: දැන් කිව්වේ ඊයේත් ඔයා.

දෙවෙනි පුද්ගලයා: මම කිව්වා, මම දේශබන්දු මහත්තයාගේ නමක් මම ගෑවුවේ නැහැ. ඇත්තටම වැඩක් නැහැ ගගා ඉඳලා. ඒක මොකද දේශබන්දු මහත්තයාගෙයි ඇග්‍රිමන්ට් එක තියෙන්නේ... වත් එක්කනේ. තේරුණාද? මම කිව්වා නම්, "ඔයාව මරන්නේ නැතුව ජීවත් වෙන්නේ අද වුණත් දේශබන්දු මහත්තයාගේ (හින්දා)" කියලා.

පළමු පුද්ගලයා: එතකොට දේශබන්දු මහත්තයාටද ඔය කට්ටිය සල්ලි දුන්නේ එයා මරන්නැතුව ඉන්න කියලා?

දෙවෙනි පුද්ගලයා: කියලා මම කිව්වා, "මම දන්නේ නැහැ" කියලා. ඔයා ඉස්සෙල්ලා මම... මම කතා කරන්නම්. අපි ඒවා කියන්න ඕනේ නැහැනේ යාළුවෝ. එයාට කියන්න ඕනේ නැහැ සල්ලි දුන්න එක. ඒක තමයි මහත්තයාට කිව්වේ.

පළමු පුද්ගලයා: දැන් ඒ එක්කෙනෙක් දන්නවා කියන්නේ රකිත විතරක්ද දන්නේ? රකිත විතරක්ද දන්නේ?

දෙවෙනි පුද්ගලයා: නැහැ, රකිත විතරක් නෙමෙයි.

පළමු පුද්ගලයා: කවුරුහරි පිට මිනිස්සු දන්නවද ඔයාගේ කවුරුහරි?

දෙවෙනි පුද්ගලයා: පොලිස් මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. ඒ ඒ වෙලාවේ එතන හිටපු තව අනිත් පුද්ගලයෝ, එච්චරයි.



පළමු පුද්ගලයා: එයා එයාගේ කටින් හරි මෙහෙම ගිහිල්ලා තියෙනවද "ඔයා සල්ලි දුන්නේ එයාට" කියලා?

දෙවෙනි පුද්ගලයා: නෑ, ඒගොල්ලෝ කවදාවත් කිසිම පුද්ගලයෙක්ව හඳුනන්නේ නැහැ, දන්නෙත් නැහැ. කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒක... ඒක දේශබන්දු. හඳුනන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ.

පළමු පුද්ගලයා: ඔව්, දේශබන්දු මහත්තයාගේ එක්කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ හිතවතෙක්ද?

දෙවෙනි පුද්ගලයා: දෙන්නාගෙම හිතවතෙක්.

පළමු පුද්ගලයා: අරුණද?

දෙවෙනි පුද්ගලයා: ඔව් අයියා. ඔව් අයියා, මෙහෙමයි. ඒ අර ප්‍රශ්නේ කවුරුත්... ඔක්කොම බෝලේ පාස් කරනවා. ඒ කට්ටිය කියනවා "මේ මේ මෙතන මේ නංගිට කියලා තියෙනවා මේ සල්ලි ඔක්කොම ඔයාට දුන්නා" කියලා.

පළමු පුද්ගලයා: රකිත.

දෙවෙනි පුද්ගලයා: මොකක්?

පළමු පුද්ගලයා: මේ ඉන්නකෝ, මේ නංගිට පොඩ්ඩක් කතා කරන්න දෙන්න. පොඩ්ඩක් ඉන්නකෝ, මේ වෙච්ච දේ අහන්නකෝ. නංගි කතා කරන්නේ අරුණට. ඔයා දැන් කිව්වේ මෙයා කවුද කියලා. මෙයා ලෝයර් කෙනෙක් නෙවෙයි.

නංගි (මධු): හලෝ.

දෙවෙනි පුද්ගලයා: හලෝ.

නංගි (මධු): ආ, කොහොමද? ඔයා මොකක්ද මේ... මොකක්ද මේ මේ... මම... මට ඇත්තටම එදා, එදා මේ අවුරුද්දට එක... එක පාරක්වත් ඔය දෙන්නම හම්බුණේ නැහැ.

දෙවෙනි පුද්ගලයා: ඔව්.

නංගි (මධු): එදා මම කිව්වා අයියා මට කතා කරලා. සල්ලි ටික ගත්ත ගත්තමයි, අයියාව හම්බවෙන්න ආවේ නැහැනේ රකිත. කෝටි දහයක් මෙහෙන් අරගෙන, ලක්ෂ 150ක් ලංකාවෙනුත් අරගෙන, අද වෙනකන් කිසිම දෙයක් කරලා දුන්නේ නැහැ.

දෙවෙනි පුද්ගලයා: දැන් ඔයා ඔහොම කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ... එයා දැන් මම, රකිත කතා කරාමත්, චරිත් කතා කරාමත් කියන්නේ, දැන් කට්ටිය තුන්දෙනා එකට එකතුවෙලා වැඩේ කරලා ඉවරවෙලා බෙදාගත්ත විදිහට තමයි කතා කරන්නේ.

නංගි (මධු): නෑ නෑ, මම... මම ඒකයි කියන්නේ, මම... දැන් මම කලින් කතා කරලා ඉවරවෙලා කිව්වා "සල්ලි ටික දීලා ඉවර වෙලා, මේක ප්‍රශ්නයක් නැහැ" කියලා. ඇත්තටම ප්‍රශ්නයක්. අපෙන් කෝටි 12ක් අරගෙන (නිකන්) ඉන්න නම් හම්බවෙන්නේ නැහැ ඉතින්. අද නැතත් හෙට නැතත් අනිවාර්යයෙන්ම අපේ සල්ලි දීලා... දැන් අපි ඕගොල්ලොන්ගේ ළඟට ඇවිත් වඳින්න වෙලා තියෙන්නේ.

අද අපේ දවස හොඳ නැති වෙයි, හෙට හොඳ නැති වෙයි. ඒ වුණාට තව අවුරුද්දකින් හරි අපිටත් හරියයි. ඔව්, අරගොල්ලොන්ගේ ෆෝන් එකටවත්... ඒගොල්ලෝ ෆෝන් එක ආන්සර් (Answer) කරන්නේ නැහැ. සල්ලි අරන් ගියා ගියාමයි. අර බුද්ධිකව යවනවා බොරුවට. බුද්ධිකව යවනවා මේ හැමදාම 21 (විසි එක) වෙනකන්.

දැන් ඔය... ඔයත් හිටියානේ එතන. අපි... මම ඩීල් එක කතා කරගද්දි ඔයත් ළඟ හිටියානේ අයියේ. මම පුතාවත් එක්කන් ඇවිල්ලා... මුන් රටේ නැති බොරු ටික කියලා, කියලා, කියලා... ඔක්කොම කටවල්වලට දාන්න ඕනේ මහා ගෙඩි. "දේශබන්දු වෙනවා" (කියලා).

ඔව්, "දේශබන්දුට මෙච්චර දෙනවා" යි කියලා කිව්වා. "ටිරාන් අලස්ට මෙච්චර දෙනවා" යි කියලා ඉවරවෙලා කිව්වා. මම මෙහෙම ගන්නේ මේක තමයි. මට ඕනම වෙලාවකනේ... මේ මේ මුන්ගෙන් උදව් වැඩකුත් නැහැ, ඕකුන් වැඩකුත් නැහැ. ඕකුන්ට වැඩිය අපි ජෙනුයින් (Genuine).

ඔයාට පුළුවන්නම් කියලා ඉවරවෙලා, නිකන් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න කියලා ඉවරවෙලා... ලක්ෂ 150ක් අයියට දීලා තියෙනවා. මම කෝටි 12ක් දීලා ඉවරවෙලා, මට ලක්ෂ 150ක් අරන් යන්න...? ඇඟේ අමාරුවක් නැහැ.

ඔයා... ඔයා මෙතන ඇවිල්ලා කිව්වෙත් නැහැ, ඔයා මෙතන කිව්වෙත් නැහැ. චරිත් ඇවිල්ලා දාපු නළු ටෝක් එක දාලා, "මෙන්න එළියට ගිහිල්ලා ටිරාන් අලස් මහත්තයත් එක්ක කතා කරනවා" කියලා... ඔයා ඕකට සම්බන්ධ නැහැ. ඇත්තටම මම දන්නවා. ටිරාන් අලස් මහත්තයාත් එක්ක... මම දන්නවා.

මම එකක් කිව්වා මේ නංගිට. මේ නංගිලාට ගැරන්ටි (Guarantee) කරලා කිව්වා, "මේ ආ හරි, ලෝයර් කෙනෙක් ගත්තා සල්ලි" කියලා. මේ කට්ටිය කිව්වේ මොකක්ද? චරිත් කිව්වේ දේශබන්දු මහත්තයාට කෝල් එකක් අරන්... "දේශබන්දු මහත්තයාට ලක්ෂ 500යි" (කියලා).

දෙවෙනි පුද්ගලයා: අයියා, පොඩ්ඩක් ඉන්න. මම අයියාට ආයේ කෝල් බැක් කරන්නම්.

නංගි (මධු): නෑ නෑ ඉන්නකෝ. දැන් ලෝයර්ස්ලා අරන් මෙයා දාපු දර්ශනය... ටිරාන් අලස් මහත්තයයි එයාගේ අතේ වගේ කතා කරේ. "මුන්ව මරනවා, මුන්ව මරනවා, මරලා මම ඔයාව බේරලා දෙනවා" කියලා කිව්වා.

දෙවෙනි පුද්ගලයා: ඔව් ඔව්. ඔව්, මම මේගොල්ලොන්ට කතා කරලා ඊට පස්සේ කෝල් බැක් කරන්නම්. ඔය කට්ටිය මෙහෙමයි, පොඩ්ඩක් කතාබහ කරලා මේ ප්‍රශ්නය ඉවර කරගන්න. හරි, ප්‍රශ්නය මොකක්ද...

gossiplanka image