සර්වජන තරුණ පෙරමුණේ නීතිවේදී කේෂනී පුංචිහේවා මාධ්‍ය හමුවක් පවත්වා මෙසේ කියා තිබේ.
"මේ දවස්වල අපි දකිනවා මේ හැමතැනම VAT එක වැඩි කරනවා. උදාහරණයක් වශයෙන් බැලුවොත් මේ වතුර බිල. ගෙදර වතුර බිලේ බැලුවාද යුනිට් ගානට පේමන්ට් එකත් හදලා ඊට පස්සේ තව ටෝටල් පේමන්ට් එක කියලා තව ගාණක් ඇඩ් කරලා තියෙනවා. එකොළොස් දාහක් විතර එන බිල දහතුන් දාහක්, දාහතර දාහක් විතර. අපි දෙදාහක්, තුන්දාහක් විතර ඇඩ් වෙලා තියෙනවා.
දැන් පොඩි ගාණක් තියෙන මිනිස්සු ගිහිල්ලා මේක ගෙවනවා. ඒත් ලොකු ගාණක් තියෙන මිනිස්සු ගිහිල්ලා ඇහුවාම මේගොල්ලෝ මොකක්ද කියන්නේ? මේක VAT එකලු. ඉතින් ඇයි මේක හංගගෙන VAT එකක් දාන්නේ? ඇයි මේක කියන්නෙ නැත්තේ? මේ ආණ්ඩුව කරන්නේම හංගගෙන අර නිකන් හොරකමින්, බොරුවෙන්ම කරන එක. අර භාණ්ඩාගාරයේ අර දෙකයි දශම පහේ මුදල් වංචාවත් වගේ. ඒකත් හංගගෙන ඉන්න try කරලා කිසිම මහ බැංකු වාර්තාවකවත් ඒ transactions කොහෙවත් ලියවිලා රෙකෝඩ් වෙලා තිබිලා නැහැ. ඉතින් ඒක තමන්ගේ account වලටම transfer කරගෙන, එක්කෝ කියන්න තිබ්බා මේක අත්වැරදීමක් කියලා. හැබැයි අත්වැරදීමක් කියලා නෙමෙයි මේගොල්ලෝ කියන්නේ. මේගොල්ලෝ කියන්නේ මොකක්ද? හැක්කර්වරයෙක් කරා කියලා. ඇයි මේ බොරුවෙන්ම ජීවත් වෙන්නේ?
මේ ආණ්ඩුවේ තව දෙයක් තියෙනවානේ. අර මොකා හරි ඒගොල්ලොන්ගේ හොරකමක්, බොරුවක් අහුවෙච්ච ගමන් ආ මේ රාජපක්ෂත් කරා, අර රාජපක්ෂත් කරා කියලා කියනවා. ඉතින් එහෙම මේ රාජපක්ෂත් කරා, අර රාජපක්ෂත් කරයි, ඒ හින්දා මමත් කරනවා කියන එකද? ඒකටද අපි මේ තරුණයන් මැදිහත් වෙලා මෙහෙම බලය දුන්නේ මේ ආණ්ඩුවට? මං හිතන්නෑ ඒකට කියලා. අර රාජපක්ෂ මේ රාජපක්ෂ හොරා කිව්වට මොන රාජපක්ෂ කෙනෙක්වත් කාවවත් තාම අත්අඩංගුවටත් අරගෙන නෑනේ. අර වැඩක් නැති යෝෂිත රාජපක්ෂ රට ගියා කියන එකටයි, රනිල් වික්‍රමසිංහ එකට ගියා කියලායි. අන්න ඒ වගේ මේ වැඩක් නැති දේවල් වලට තමයි අරන් යන්නේ.
ඇත්තටම කියනවා නම් එහෙම බැලුවම මේ ආණ්ඩුවේ තියෙන හොරකම් බොරු වලට, ඒ කියන්නේ ජීවිතයට රස්සාවක් කරේ නැති අය කියලා කියනවා. ජීවිතේට රස්සාවක් කරලා නැහැ, හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ, දුවගේ ක්ලාස් ෆීස් ගෙවන්නෙත් හරි අමාරුවෙන් කියනවා. හැබැයි කෝටි ගණන් වල මහල් නිවාස හදලා, කෝටි ගණන් තියෙනවා. අන්න ඒවා වලට කිසිම පරීක්ෂාවක් නැහැනේ. ඒවට මොනවද කියන්න තියෙන්නේ එතකොට?"