
ශ්‍රාවස්තිපුර, වදාගම ප්‍රදේශයේ පිහිටි දෙව්රම් වෙහෙර විහාරස්ථානයට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි වැඩවසන රාජංගණයේ සද්ධාරතන හිමියන්ට සාහසික ලෙස පහරදී දේපළ සොරකම් කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. සැකකරුවන් මෝටර් රථයකින් විහාරස්ථානය වෙත පැමිණ ඇති අතර, පසුව ආවාස ගෙය තුළට ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
එහිදී ඔවුන් විසින් උන්වහන්සේ සතුව තිබූ ජංගම දුරකථන දෙකක් සහ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ රාජංගණයේ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.