an-announcement-from-the-police-about-gammanpila-cannot-be-made-to-mislead-the-public-about-sale

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමති සැකකරු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් 2026.06.06 දින මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති එම ප්‍රකාශය සත්‍යයෙන් තොර එකක් බව ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය හරහා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.




අදාළ සැකකරුට ශ්‍රී ලංකා පොලිසිය මගින් කිසිදු අමානුෂික සැලකීමක් හෝ පහරදීමක් සිදුකර නොමැති බව අදාළ නිවේදනය මගින් පැහැදිලි කර තිබේ. සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කරන අයුරින්ම ඔහු සම්බන්ධයෙන් ද නීත්‍යානුකූලව ක්‍රියා කර ඇති අතර, කිසිදු නොසලකා හැරීමක් හෝ විශේෂ සැලකිල්ලක් ද ඔහුට දක්වා නැත.

මෙම සිදුවීමට අදාළ කාරණා දැනටමත් ගරු අධිකරණය තුළ විවාදයට භාජනය වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි. එබැවින්, අධිකරණයට පරිබාහිරව මාධ්‍ය වෙත මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමේදී වඩාත් සංයමයකින් යුතුව කරුණු දැක්වීම වැදගත් වන බව ශ්‍රී ලංකා පොලිසිය විසින් අදාළ පාර්ශවයන්ට වැඩිදුරටත් දන්වා සිටියි.

an-announcement-from-the-police-about-gammanpila-cannot-be-made-to-mislead-the-public-about-sale