a-protest-from-the-families-of-the-easter-victims

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා තම ප්‍රියයන් වෙන්වූ අයගෙන් කොටසක් අද (11) මීගමුවේදී වීදි බැස විරෝධතාවයක නිරතවී සිටියහ. සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඊට අදාළ අධිකරණ කටයුතු මේ වන විට අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ හරහා මේ වන විට වැදගත් රහස් රැසක් හෙළිදරව් වෙමින් පවතින බව වාර්තා වේ. මෙම ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, එය මෙහෙයවීම මෙන්ම ඊට අදාළ සාක්ෂි සහ විමර්ශන යටපත් කිරීමට සලේ කටයුතු කර ඇති බවට ප්‍රබල සාක්ෂි මේ වන විට ඉදිරිපත් වී ඇත.




මේ අතර සිදු කෙරුණු වැඩිදුර අනාවරණයන් පදනම් කර ගනිමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ. මෙම නෛතික වර්ධනයන් හමුවේ දැඩි ලෙස කලබලයට සහ ප්‍රකෝපයට පත්ව සිටින රාජපක්ෂ හිතවාදී කල්ලිය නියෝජනය කරන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සරත් වීරසේකර, නාමල් රාජපක්ෂ සහ දිලීත් ජයවීර ඇතුළු පිරිස කොටුව ප්‍රදේශයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ සුරේෂ් සලේ නිදහස් කරගැනීමේ අරමුණිනි. කෙසේ වෙතත්, ඊට එරෙහිව මතු වූ දැඩි මහජන විරෝධය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයන්ට එම ව්‍යාජ සත්‍යග්‍රහය දින දෙකක් ඇතුළත අකුලා ගැනීමට සිදු විය.

විරෝධතාවේ ඡායාරූප මේ සමග පළවේ.

a-protest-from-the-families-of-the-easter-victims

a-protest-from-the-families-of-the-easter-victims

a-protest-from-the-families-of-the-easter-victims

a-protest-from-the-families-of-the-easter-victims