a-case-filed-by-an-employee-against-facebook-which-does-not-allow-disclosure-of-dirty-work-inside-the-office

ෆේස්බුක් (වර්තමාන මෙටා) සමාගමේ හිටපු ගෝලීය මහජන ප්‍රතිපත්ති අධ්‍යක්ෂවරියක වන සාරා වින්-විලියම්ස් විසින් සිය මතක සටහන් ඇතුළත් කෘතියක් ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා මෙටා සමාගම ගන්නා උත්සාහයට එරෙහිව නඩු පවරා තිබේ. 2011 සිට 2017 දක්වා කාලය තුළ එම සමාගමේ සේවය කළ ඇය විසින් රචිත 'Careless People' නම් මෙම ග්‍රන්ථය 2025 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

තමන්ව නිහඬ කිරීමේ අරමුණින් සමාගම ක්‍රියා කරන බව පවසමින් ඇය විසින් කැලිෆෝනියාවේ උතුරු දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයට පිටු 57 කින් යුත් පැමිණිල්ලක් ගොනු කර ඇත.




ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ, කෘතිය ප්‍රසිද්ධ කිරීම වළක්වමින් පනවා ඇති තහනම් නියෝගය නීති විරෝධී බවත් එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත්ය. එමෙන්ම, සමාගම විසින් තමන්ව දැඩි සෝදිසියකට ලක් කරමින් තර්ජනාත්මක ලෙස කටයුතු කරන බවටද ඇය චෝදනා කරයි. වින්-විලියම්ස්ගේ මෙම කෘතිය තුළ මෙටා සමාගමේ අභ්‍යන්තර සංස්කෘතියේ පවතින ගැටලු, ලිංගික හිරිහැර සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස් කොට සැලකීම් පිළිබඳ බරපතල චෝදනා අන්තර්ගත වේ. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ එම කෘතියේ ඇත්තේ යල් පැන ගිය සහ අසත්‍ය චෝදනා බවයි.

මෙටා සමාගම මෙම නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, ඇය සිය පොත් අලෙවි කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාවලිය අවභාවිත කරන බවයි. 2017 වසරේදී සේවයෙන් ඉවත් කරන අවස්ථාවේදී විශාල මූල්‍යමය ප්‍රතිපාදනයක් ලබා ගනිමින් අත්සන් කරන ලද ගිවිසුමක් ඇය විසින් මෙලෙස කඩ කර ඇති බව සමාගම තර්ක කරයි. නමුත් වින්-විලියම්ස් ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ, රැකියාව අහිමි වීමේදී ඇති වූ දැඩි මූල්‍යමය බලපෑම් හේතුවෙන් වෙනත් විකල්පයක් නොමැතිව තමන්ට එම ගිවිසුමට අත්සන් කිරීමට සිදුවූ බවයි.




පසුගිය මැයි අගභාගයේදී වේල්සයේ පැවති 'Hay' සාහිත්‍ය උළෙල සඳහා ඇය සහභාගී වූ අතර, නීතිමය උපදෙස් මත එහිදී සමාගම ගැන කිසිදු ප්‍රකාශයක් සිදු නොකළද, මෙටා සමාගමේ නියෝජිතයින් ඇයගේ ගමන් බිමන් ලුහුබඳිමින් ඡායාරූප ලබාගෙන ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම සිදුවීම් මාලාවෙන් පසුව 'Careless People' ග්‍රන්ථයේ අලෙවිය 304.5% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එක්සත් රාජධානිය පුරා මේ වන විට එහි පිටපත් 150,000 කට වඩා අලෙවි වී ඇත. ඇයගේ නීතිඥයින් සහ එක්සත් රාජධානියේ ප්‍රකාශකයින් පෙන්වා දෙන්නේ, මෙය ලොව ප්‍රබලතම සමාගමක් විසින් තම ආයතනයේ වැරදි හෙළි කරන පුද්ගලයෙකු නිහඬ කිරීමට දරන රහසිගත උත්සාහයක් බවයි.

a-case-filed-by-an-employee-against-facebook-which-does-not-allow-disclosure-of-dirty-work-inside-the-office

a-case-filed-by-an-employee-against-facebook-which-does-not-allow-disclosure-of-dirty-work-inside-the-office

a-case-filed-by-an-employee-against-facebook-which-does-not-allow-disclosure-of-dirty-work-inside-the-office