164-dead-and-27000-missing-in-venezuela-earthquake

වෙනිසියුලාවේ වයඹදිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පා ද්විත්වයක් හේතුවෙන් එරට දැඩි විනාශයක් සිදුව ඇති බව වාර්තා වේ. 2026 ජූනි මස 24 වන දින එරට වේලාවෙන් පස්වරු 6:04 සහ 6:05 අතර කාලය තුළ මෙම භූකලම්පන තත්ත්වයන් එකිනෙකට ඉතා ආසන්නව හටගෙන තිබේ.

වසර සියයකට වැඩි කාලයක් තුළ වෙනිසියුලාවෙන් වාර්තා වූ ප්‍රබලතම භූකම්පා සිදුවීම මෙය ලෙස සැලකෙන අතර, ඉන් එරට ජන ජීවිතයට සහ යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇත.




ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ඇතුළු ජාත්‍යන්තර මුලාශ්‍ර තහවුරු කරන පරිදි, මෙම භූමිකම්පා ද්විත්වය ඉතා දුර්ලභ ගණයේ එකිනෙකට පසුපසින් සිදුවූ "ඩබ්ලට්" (doublet) වර්ගයේ භූමිකම්පා වේ. පළමු පූර්ව භූමිකම්පාව රික්ටර් පරිමාණයේ 7.2 ක අගයකින් යුක්ත වූ අතර, එය යාරකුයි ප්‍රාන්තයේ යුමාරේ ප්‍රදේශයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 23 ක් පමණ දුරින්, කිලෝමීටර් 20 ක ගැඹුරකින් හටගෙන තිබේ. ඉන් තත්පර 39 ත් 45 ත් අතර කාලයකට පසුව, එම කලාපයේම කිලෝමීටර් 10 ක් වැනි ඉතා නොගැඹුරු මට්ටමක රික්ටර් පරිමාණයේ 7.5 ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රධාන භූමිකම්පාව හටගෙන ඇත. මෙම නොගැඹුරු ස්වභාවය හේතුවෙන් විනාශයේ තරම විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

තිරස් විස්ථාපන (strike-slip) ලක්ෂණ පෙන්නුම් කළ මෙම භූමිකම්පාවලින් අනතුරුව රික්ටර් පරිමාණයේ 4 ට වඩා වැඩි පසු කම්පන රැසක් ද එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මිලියන පහකට අධික ජනගහනයක් වෙසෙන වෙනිසියුලා අගනුවර වන කැරකස් ඇතුළු ලා ගුවයිරා, වැලෙන්සියා සහ වෙරළබඩ ප්‍රදේශ රැසකට මෙම භූ කම්පනය ඉතා තදින් දැනී තිබේ.

මෙහි බලපෑම වෙනිසියුලාවට පමණක් සීමා නොවී අරූබා, කුරෙකාඕ, බොනෙයර් මෙන්ම ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වැනි අසල්වැසි දූපත් රාජ්‍යයන් වෙත ද ව්‍යාප්ත වූ බව සඳහන් වේ. මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 164 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, මුදාගැනීමේ කටයුතු ප්‍රගතියක් ලබත්ම මෙම සංඛ්‍යාව සිය ගණනකින් ඉහළ යා හැකි බවට බලධාරීන් බිය පළ කරති.

තවද, පුද්ගලයන් 971 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, අතුරුදන් වී ඇති බවට වාර්තා වන පිරිස 27,000 ඉක්මවයි. කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී සිටීම හේතුවෙන් ජීවිත හානි තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී. භූමිකම්පාව හේතුවෙන් කැරකස් නුවර නේවාසික ප්‍රදේශවල ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර මායිකටියා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් රැසකට බරපතළ හානි සිදු වීම හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමීමට පියවර ගෙන ඇත. යාරකුයි සහ වෙරළබඩ කලාපවලට ද මෙමඟින් දැඩි සේ පීඩා එල්ල වී තිබේ. මෙම හදිසි තත්ත්වය හමුවේ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් විසින් රට පුරා හදිසි රාජ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සුන්බුන් අතරින් මිනිසුන්ගේ විලාප හඬවල් ඇසෙමින් පවතින පසුබිමක සහන සේවා කණ්ඩායම් අඛණ්ඩව සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

බිහිසුණු අවස්ථා කිහිපයක එකතුවක් ඇතුළත් වීඩියෝවක් පහතින්

gossiplanka image