09-sri-lankans-who-filmed-the-dubai-attacks-and-distributed-them-in-exile

කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, රැකියා සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු නුදුරේදීම යළි මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇත. මොවුන් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අන්තර්ජාලයට මුදාහළ වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙනි.




ඉරානය විසින් ඩුබායි වෙත වරින් වර එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර හේතුවෙන් විනාශයට පත් වූ දේපළ මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස විසින් වීඩියෝ කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඉන් අනතුරුව අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කිරීමටත්, වෙනත් පුද්ගලයන් අතර හුවමාරු කිරීමටත් මොවුන් කටයුතු කර ඇත. එම වරද පදනම් කරගනිමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන මෙලෙස මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබේ.

මීට පෙර ද මෙවැනිම ආකාරයේ චෝදනාවක් මත ඩුබායි පොලිසිය විසින් ශ්‍රී ලාංකිකයින් විසිහය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ව ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය කටයුතු කර තිබුණි.