චීන ජාතිකයන් 19 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙසළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටියදී මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. විදේශිකයන් පිරිසකගේ ගමන් බලපත්‍ර වංචනික ලෙස සන්තකයේ තබාගැනීම සහ සකස් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචාවකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස තම බාරයේ තබාගෙන සිටීමේ චෝදනාව මත වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
විමර්ශනවලට අනුව, රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා ස්ථානාධිපතිවරයා විසින් එක් අයෙකුගෙන් රුපියල් 300,000 බැගින් වූ අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
මෙම අල්ලස් ඉල්ලීම සහ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම පිළිබඳ ගනුදෙනුව කාන්තාවක් මාර්ගයෙන් සන්නිවේදනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ සිද්ධිය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.
