හුංගම, කලමැටිය ධීවර වරාය ආසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වීමේ අවාසනාවන්ත පුවතක් අද පස්වරුවේ වාර්තා විය.
මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 12ත් 18ත් අතර වයස් සීමාවන්හි පසුවන සිසුන් තිදෙනෙකු බව හුංගම පොලිසිය පවසයි.
දිය රැල්ලට හසුව ගසාගෙන ගිය මෙම සිසුන් පිරිස සොයා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් එක්ව මේ වන විටත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මුහුදේ ආරම්භ කර තිබේ.
