the-police-are-asking-for-public-assistance-to-find-the-driver-of-the-car-that-killed-the-lawyer-in-akuregoda

පසුගිය 2026 පෙබරවාරි 16 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලක් තුළදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන පරිදි, මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ අදාළ සැකකරු විසිනි. අත්අඩංගුවට ගැනීම සඳහා සොයන මෙම සැකකරුගේ නම කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ බවට තහවුරු වී ඇත.

ජාතික හැඳුනුම්පත් අංක 199714103549 හිමි මොහුගේ ලිපිනය ලෙස වීරසිංහ මල්කාලාව, පරගොඩ, ඉමදුව යන්න පොලිස් වාර්තා වල සඳහන් වේ. මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඒ සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී ඇත. ඒ අනුව, බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා 071-8592279 යන අංකයෙන් හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා 071-8596065 යන අංකයෙන් සම්බන්ධ කරගනිමින් මහජනතාවට අදාළ තොරතුරු ලබා දිය හැකිය.

the-police-are-asking-for-public-assistance-to-find-the-driver-of-the-car-that-killed-the-lawyer-in-akuregoda

the-police-are-asking-for-public-assistance-to-find-the-driver-of-the-car-that-killed-the-lawyer-in-akuregoda

the-police-are-asking-for-public-assistance-to-find-the-driver-of-the-car-that-killed-the-lawyer-in-akuregoda

gossiplanka image